06. වර්තමානයට

101 30 2
                                    

2023 ජූලි 27

අවුරුදු 21 ක් උන මම දැන් හැමදෙයකින්ම තෙම්පරාදු උන කෙල්ලෙක්....

අම්මට මේවා දරා ගන්න බැරුව මාව දාලා ගියා. සඳහටම... මම තනි උනා...

කොච්චර අමාරුද ජීවිතේ ගැට ගහගෙන යන්න.
අවුරුදු 21 ක් උන මට දැන් ඉන්නවා අවුරුදු හතක පුංචි පිරිමි ළමයෙක්.

කොල්ලා අයියගේ කපාපු පලුව.

මට ඒ කිරිකැටියා දකිනකොට මතක් උනේ අයියා දුන්න පොරොන්දු..
මං සීරියස් කරපු ලව් එකත් රැවටීම්ක වෙද්දි දරා ගන්න අමාරුයි.

සමාජ මතය,

ගෑණු කියන්නේ ගෙදර උයන එකි.
ළමයි හදන එකි.
ළමයි බලා ගන්න එකි.
රෙදි හෝදන එකි.

සමහර වෙලාවට ගෑණු අපිට රස්සාවක් කරන්න දෙන්නැති පිරිමි පවා ඉන්නවා...

අන්තිමට කවුරුත් නැති උනාම මුකුත් නෑ..

ඉතිං අද මම පුංචි කඩයක අත් උදව් කාරියක්.
මට මැරෙන්න පුළුවන්. ඒක මට ලේසි.
නමුත් දරුවෙක්..
තනි උන දරුවෙක් කියන්නේ සමාජයට බරක්.
එයාත් ගෑණු දූෂකයෙක්, කුඩු කාරයෙක්, සමාජයට නොවටිනා කෙනෙක් වෙනවට වඩා මට අවලාද අපහාස හොඳයි.

කවුරු මොක කිව්වත් මගේ දරුවා...
එයා ලොකු තැනකට එනකොට මිනිස්සුන්ට අදාළ නෑ අවජාතකයෙක්ද කියලා. සල්ලි නම් මිනිස්සු ඇදෙන්නෙ ඇඹලයෝ වගේ.
පෙනුම නම් මිනිස්සු ඇදෙන්නෙ මී මැස්සෝ වගේ...

කියන්න දේවල් ගොඩයි...
හිත නිදහස් කර ගන්න ඕන.
කතාව ඉවර නෑ.

තව කියන්න තියෙනවා.
කතා කරන්න ගත්තොත් මට ඉවර කර ගන්න බැරි වෙයි.

**
මෙනුරි සෙහන්සා අබේනායක.

නොමේරූ ලඳුන් ✔️Where stories live. Discover now