Episode 2

83 5 2
                                    

Jk, Yejin වත් ඇදගෙන collage එකේ නිදහස් තැනකට ආවා. ඇවිල්ලා එයා යේජින් ව අත ඇරියා.

Jk- තමුසෙට පිස්සුද?😠 උන් ගහනකන් බලන් හිටියෙ?

යේජින් අඩන්න පටන් ගත්තා.😥

Jk- හැමදාම ප්‍රශ්නයක් වුණාම අඩලා බේරෙන එකනෙ තමුසෙ කරන්න දන්න එකම දේ. ඔය ඔළුව උස්සලා මං දිහා බලලා කතා කරනවා.🤨

යේජින් හිමීට ඔළුව උස්සලා ජේකේ දිහා බැලුවා. යේජින් ගේ මූණ දැකපු ජේකේගෙ කේන්තිය නිවිලා කෙල්ල ගැන දුක හිතුනා. ඒකට හේතුව වුනේ බෝරා ගහපු පාරට කෙල්ලගේ කම්මුල රතු වෙලා තොල අගින් පැළිලා තියනවා දැකපු නිසා. ජේකේ එහෙම්මම තමන්ගේ අත අරගෙන ගියේ යේජින්ගෙ රතුවුනු කම්මුලට. කෙල්ලගේ කම්මුල හිමින් පිරිමැදපු කොල්ලා කතා කරන්න පටන් ගත්තා. දැන් නං කොල්ලා soft විදිහට කෙල්ලට කතා කරා.

Jk- යේජින්, මං ඔයාට කී පාරක් නම් කියලා තියෙනවද මෙච්චර අහිංසක වෙන්ව එපා කියලා. ඇයි එයාලාට මෙහෙම ඔයාට කරදර කරන්න දෙන්නේ?

Yejin- ඒත් බෝරා......

මෙච්චර වෙලා සන්සුන්ව තිබ්බ ජේකේගෙ කටහඬ ආවේගෙකට පෙරලුනේ යේජින්ගෙ වචනත් හිර කරලා.

Jk- ඔය බෝරා.😡 ඒකි කවුරු කියලා හිතාගෙනද දන්නෑ ඉන්නේ. අනිකා මින්ගුක්. ඇයි යේජින් ඔයා උන්ට ඔළුව නමන් ඉන්නෙ?

Yejin- අහන්නකෝ. මං මට ගැහුවා කියලා බෝරාට ඔච්චර කට්ටිය ඉස්සරහ ගැහුවා නම්, එයාලා හිතයි head prefect ගේ girlfriend මහා නැහැදිච්ච කෙල්ලෙක් කියලා.🤭 අනිත් එක, principal sir ගාවට යැව්වොත් එහෙම කරපු කෙනා කවුරු වුනත් අන්තිමට මමයි වැරදිකාරයා වෙන්නේ.😔 එයාලා සල්ලි තියන මිනිස්සු හින්දා සැලකිලි වැඩියි. ඒත් මට මොනවා වෙයිද? ගෙදර අයත් මටම බනී.😥

Jk- ඉතින් ඔයාටත් සල්ලි තියෙන්නෙ?

Yejin- මට කොහෙ තියන සල්ලි ද? ඒවා තාත්තාගෙනෙ. එයා මාව ගනන් ගන්නෑ කියලා ඔයා දන්නවනේ. එයා කැමති ෂින්රේට.😞

Jk- මට ඔයාගේ තාත්තාත් එක්කත් තරහයි. ඇයි යකෝ, තමන්ගේ ළමයාට වෙනස්කම් කරලා අනුන්ගේ ළමයි ගැන බලන්නේ.

Yejin- එයාට බනින්න එපා ජන්ග්කුක්. එයා මට වෙන්න ඕනි දේවල් කරලා නිදහසේ ඉන්න හරි දෙනවනෙ.

Love Me Only Till This Spring🌸(Jungkook ff)Completed✅Where stories live. Discover now