Episode 3

68 4 5
                                    

Yejin ගෙදර ගිහින් ඉක්මනට wash එකක් දාගෙන කුඩම්මා කියපු වැඩත් කරලා පහල තට්ටුවේ kitchen එකට ගියේ දැනුන බඩගින්න නිසා. ඒ වෙනකොට වෙලාව 9 ට විතර ඇති.🙄 කෙල්ලට දවල්ට වත් මුකුත් කන්න බැරිවුනා තිබුණු වැඩත් එක්ක. හැමදාම Yejin ගෙවුවෙ ඔය වගේ ජීවිතයක්. එතකොටම කිචන් එකේ හිටපු කුඩම්මා කතා කලා.
කුඩම්මා - Mrs. Han

Mrs. Han- ගිහින් ෂින්රේගෙ කාමරේ අස් කරනවා. ගෙදරට වෙලා නිකන් ඉන්නද කල්පනාව?😤

Yejin- ඒත්, ඇයි මං ඒවා කරන්නේ?🤨

Mrs. Han- පණ්ඩිතකම් නොකියා කිව්ව දේ කරනවා.😠

Yejin- මට බෑ. මං මේ ගෙදර servant නෙමෙයි.😒

එතකොටම Shinre පහලට ආවා.

Shinre- මේකිගේ කට බලන්නකෝ අම්මා. කොහොමත් සල්ලිකාර කොල්ලො අල්ල ගත්තම මේකි හිතනවා ඇති රජ කුමාරියක් කියලා.😏

Yejin- Shinre.........😳

Mrs. Han- මොකද්ද Shinre ඒ කතාව?🤨

Shinre- මේකි අපේ ක්ලාස් එකේ richest ම බෝයි එක්ක යාළුයි.😏

Mrs. Han- තමුන් හිතන් ඉන්නෙ තාත්තාගේ සල්ලි නිසා තමනුත් පෝසත් කියලද? 😏 ඒ හීන ලෝකෙන් බහිනවා.

Shinre- ගිහින් මගෙ රූම් එක අස් කරනවා.😏

Yejin- මට බෑ. මං වැඩකාරයෙක් නෙමෙයි.😠

Shinre- බලන්නකෝ අම්මා......😡

කේන්ති ගිය mrs.han කෙල්ලගේ දිගට තියන කොණ්ඩෙ ඇදලා අල්ල ගත්තා.

Mrs. Han- තමුන්ට දැන් මං බුලත් දෙන්න ඕනෙද? 😡 ඔය කට අඩු කර ගත්තෙ නැත්තං ගොඩක් කරදර වෙයි.🤨

කියලා යේජින් ව බිමට තල්ලු කරලා දාපු කුඩම්මා වේවැලක් අතට අරන් කෙල්ලට ගහන්න පටන් ගත්තා.😥 බේරන්නවත් කවුරුත් නැති වෙනකොට, තාත්තාත් මේ දේවල් දැන ගෙනත් නිහඩවම ඉන්න කොට, යේජින් ගොඩක් අසරණ වුණා. ගහලා ඇතිවුණු Mrs. Han කෙල්ලව එතනම දාලා ගියේ කිසිම අනුකම්පාවක් නැති විදිහට. Shinre ත් කිසිම ගානක් නැතුව එතනින් ගියා. අමාරුවෙන් නැගිටපු යේජින් බිත්ති වලට වාරු වෙවී ගියේ කාමරේ ට. කලින් තිබ්බ බඩගින්නත් නැතිවෙලා ගියා එයාට. යේජින් ඇඳෙන් වාඩිවෙලා ඛැලුවෙ තමන්ගේ ඇග දිහා. 😢 මුළු ඇඟම ගොඩක් රිදෙන්න ගත්තා කෙල්ලගේ. අත් වල, කකුල් වල හැම තැනම පාරවල් හිටලා රතුවෙලා. ඒවා දකිනකොට කෙල්ලට කියා ගන්න බැරි ලොකු දුකක් දැනුනා. කොන්දත් රිදෙනකොට එතනත් තුවාල වෙලා ඇති කියලා කෙල්ලට හිතුනා. මේවා යේජින් ට නුපුරුදු දේවල් නෙමෙයි. අවුරුදු 4 කට කලින් අම්මා නැති වුනාට පස්සේ කුඩම්මා ආව දවසෙ ඉඳල Yejin ඔය කරදර මැද ජීවත් වුනා. එයාගේ හිත ගොඩක් රිදුනා අම්මා මතක් වෙද්දී.

     තාත්තා එයා ගැන බලන්නැති එකට එයා ගොඩක් දුක් වුනා. හැමවෙලේම එයාට හිතුනා අම්මා තාමත් හිටියා නම් නපුරු කුඩම්මා කවදාවත් එයාට මුන ගැහෙන්නේ නෑ නේද කියලා. අතේ පයේ තියන සීරුම් පාරවල් දැකපු කෙල්ල මේ දේවල් තමන්ගේ ආදරවන්තයාගෙන් හංගන්න හිතුවේ ඒ දෙයින් එයාට ලොකු වේදනාවක් දැනෙනවා කියලා හිතපු නිසායි. අඩ අඩා හිටපු යේජින්ට ඇගේ අමාරුවටත් එක්ක ඉක්මනට ම නින්ද ගියා.

ඒත් යේජින් ට phone එකේ battery බැහැලා කියලා අමතක වුනා. මේ වෙනකොටත් jk කෙල්ලට calls 6 ක් විතර අරන් තිබුනා. Massage ගොඩකුත් එවලා තිබ්බා කියලා යේජින් දන්නේ නෑ. කලබල වෙලා හිටිය jk ,Yejin එක්ක ගොඩක් තරහින් හිටියෙ. Jk , Yejin ගැන ගොඩක් වද වුනා. ඒත් කොල්ලා මොනවා කරන්නද..... එයාගේ කේන්තිය ඇතුලෙ තිබ්බෙ තනිකර ම ආදරය විතරයි. යේජින් වුනත් ඒක හොඳට දැනගෙන හිටියා.

යේජින් හිටියෙ තද නින්දක.😴එයාට දැනුනා කවුරුහරි කෙනෙක් එයාගේ ඔළුව අතගානවා.

?- මං ඔයාට ගොඩක් ආදරෙයි පැටියෝ. මට සමාවෙන්න. මං මේ දේවල් කරන්නේ ඔයා වෙනුවෙන්.😞

යේජින් ට ඇහුනෙ ඒ කෙනා ඔහොම කියනවා.

Next day morning 🌞

ඊයේ රෑ අඩපු හින්දා යේජින් නැගිට්ටෙ ලොකු ඔළුවෙ කැක්කුමක් එක්ක. ඒ එක්කම යේජින්ට මතක් වෙන්නේ ඊයේ රෑ දැකපු හීනේ තාත්තා කියපු දේවල්. යේජින්ගෙ ඇස් වලින් කඳුලක් වැටුනා.😥 යේජින් නැගිටලා ලෑස්ති වුනේ collage යන්න. Phone එක අතට ගත්තා යේජින් එතකොටයි දැක්කෙ ඒක off වෙලා කියලා. ඉක්මනට charge එකට ගහලා on කරපු කෙල්ල ඔළුවෙ අත ගහ ගත්තෙ jk ගේ call ටික දැකලා. 😯

Yejin- දෙයියනේ!..... අද නම් මං ඉවරයි. මට phone එක අමතකම වුනානේ.

කෙල්ල ඉක්මනට එලියට බැහැලා collage යන්න පිටත් වුණා. එයා uniform එක ඇදලා කෝට් එකකුත් දාගෙන මේස් දෙක දණහිස ලගටම දාලයි තිබුනේ. රස්නේ දවසක් වුනත් තුවාල පාරවල් වහන්න වෙන කරන්න දේකුත් නෑ. ඇඳන් හිටිය විදිහට කෙල්ලව හරිම හුරුබුහුටි විදිහට පෙනුනේ. මිනිස්සු එයා දිහා බැලුවත් ඒ ගැන තැකීමක් නොකර යේජින් ඉක්මනට collage එකට ගියා. පන්තියට යන්න හැරෙන කොටම කෙනෙක් එයාගේ අතින් ඇදගෙන ගියේ collage එකේ පිටිපස්සේ තැනකට.

Be continue.........
P. C.🖤

______________________________________

කතාව ගැන හිතන දේවල් comment කරන්න. මොකද, මට ඒ දේවල් හුගක් වැදගත්. ඔයාලා කතාවට කැමති නම් vote එකක් දාන්න.😍 බල කිරීමක් නෑ. මගේ writing style එක අවුල් වගේ නම් කියන්න.
එහෙනම්, ඊළග episode එකෙන් මං ආපහු එන්නම්.

Bye😍❤️

Love Me Only Till This Spring🌸(Jungkook ff)Completed✅Where stories live. Discover now