වෙලාව ටික ටික ගෙවිලා ගියා..... ජීමින් ටේ ඇරෙන්න අනිත් හැමෝම හොදටම පදම් වෙලයි හිටියේ...... ජීමින් ටේත් බිව්වා ඒත් අනිත් අය තරම් වෙරි නෑ එයාලට....
පාන්දර 1.30ට විතර කාලා බීලා වෙරි මර ගාතේ ජන්ග්කුක් හෝසොක් ජින් යුන්ගි හතර දෙනත් එක්ක ඩෝම් එක ඇතුලේ තැන තැන වැටිලයි හිටියේ..... ටේ ජන්ග්කුක්ව හිමීට එයාගේ රූම් එකට එක්කන් ගියා..... ජීමින් නම්ජූන්ව එක්කන් යන්න හැදුවත් ජින් ඇවිත් වෙරි මර ගාතෙම ...
"ඔයා යන් න පො ඩ්ඩෝ ම න් එ යාව අපේ කා ම රේ ට අරන් ය න් නම්.... "
හෝසොකත් හිමින් හිමින් තමන්ගේ කාමරේට ගිහිල්ලයි තිබුනේ.... යුන්ගි සුපුරුදු විදිහට සෙටියේ ඉන්නකොට...
"Hyung.... Hyung ..... කෝ නැගිටින්න මම hyung ගේ රූම් එකට ඔයාව ගිහින් දාන්නම්...."
යුන්ගි හිමීට එක ඇහැක් ඇරලා එයා දිහා බලාගෙන ඉන්න ජීමින් දිහා බැලුවා.... යුන්ගි කොච්චර බිව්වත් කෙලින් ඉන්නවා අනිත් හැමෝටම වඩා යුන්ගිට ටිකක් දරාගැනිමේ ශක්තිය වැඩි....
"ඔයාට පුලුවන්ද මාව එක්කන් යන්න....."
ආයෙත් ඇස් වහගන්න ගමන් යුන්ගි ඇහුවා.....
"ඔව් hyung නැගිටින්නකෝ මන් එක්කන් යන්නම්....."
"ම්ම්ම්ම් මට යන්න පුලුවන් දැන් ගිහින් නිදාගන්න ගොඩක් රෑවෙලානේ...."
යුන්ගි ඉදගෙන හිටපු තැනින් නැගිටලා ජීමින්ගේ ඔලුව අතගාලා කිව්වා....ඒ වෙද්දිත් යුන්ගී ඒ ඇස් වල අතරමන් වෙලයි හිටියේ... මොකද්ද කියාගන්න බැරි හැගීමක් යුන්ගිගේ හදවතේ මෝරමිනුයි තිබ්බේ.....
"වාව් ඒ ඇස්..... අලු පාට හරිම ලස්සන ඇස් දෙකක්....... මටනම් පේන්නේ චූටී තාරා පැටියෙක් වගේ..... "
යුන්ගි හිත හිතම තමන්ගේ කාමරේට ගියා...
"අනිත් හැමෝටම කෙලින් ඉන්න පන නෑ... ඒත් මන් හොදටම දැක්කා යුන්ගි හ්යුන් හැමෝටම වඩා බොනවා.... වහ් එයානම් මාරයි.... "
ජීමිනුත් තමන්ටම ඒ දේවල් කියාගෙන එයාට වෙන් වුනු කාමරේට ගියා........ මේ අතරතුරේදී ටේ ජන්ග්කුක්ගේ ශර්ට් එක ගලවලා එයාගේ ඇගට ඩුවට් එක පොරවලා යන්න ලෑස්ති උනා.....
![](https://img.wattpad.com/cover/351274739-288-k458050.jpg)
YOU ARE READING
Innocent Hug ❤️🩹💫🔞🍃
RomanceThis is a taekook story This is for only who love to taekook Enjoy my first taekook story