මිශියා--
කට වහාගන්නවා ජිමින්!!!
මිෂෙල් කේන්තියෙන් කෑ ගහනකොට ගැස්සුණ ජිමින් නිහඩ වුණේ මිෂෙල්ට කතා කරන්න ඉඩ දිලා.
මන් ඔයා ගැන දැන ගත්තෙ ජිමින් දැන් දවස් කීපෙකට කලින්. දැන් ඉතින් ඒ වලින් වැඩක් නෑ. මට දුකයි ජිමිනි. ඔයා තමා මගේ හොදම යාලුවා වුණේ. ඒත් ඔයා--
කියන් ගිය දේ මගින් නැවත්තුව මිෂෙල් උස්මක් පහත හෙලුවා. මිෂෙල් ජිමින් ජේ කියලා දැන ගත්තෙ ජිමින් කිම් නිවසට ගිහින් ලීජන්ග්ට එයා ඇමරිකා යනවා කියලා කිව්ව දවසේ. එදා මිෂෙල් හිටියෙ ජන්කුක් එක්ක ජේජු වල වුණත් මිෂෙල්ට කිම් නිවසේ වෙන හැමදෙම දැන ගන්න පුළුවන් වුණේ එයා විසින් ඒ ගෙදර වැඩට යොදොලා හිටිය සූයා නිසා.
සූයා කියන්නේ අනාථ කෙල්ලෙක්. සූයා කිම් නිවසට එන්නෙ සේවිකාවක් විදිහට. ලීජන්ග් සූයව සේවිකාවක් වගේ එක්කන් එන්න ලොකුම හේතුව මිෂෙල්. මිෂෙල් ඉන්නෙ තනියම නිසා එයාගෙ වයසම කෙනෙක් මිෂෙල් ළඟ හිටියොත් හොඳයි කියන අදහස එක්ක සූයාව ලීජන්ග් මිෂෙල්ට හඳුන්වලා දෙනවා. මිෂෙල්ගේම වයසෙ වුණ සූයත් ගොඩක් ඉක්මනින් මිෂෙල් එක්ක එකතුවෙනවා.
ඒත් මිෂෙල් අන්තිමට කිම් නිවසේ හිටපු දවසේ ඒ කියන්නේ ජන්කුක්ව මැරි කරන්න කලින් දවසේ මිෂෙල් සූයට කියනවා ලීජන්ග් ගැන හොයලා බලන්න කියලා. කෙල්ල කොච්චර තමන්ගෙ අප්පත් එක්ක තරහක් තිබ්බත් කෙල්ල ලීජන්ග්ට ගොඩක් ආදරේ කරා. ඒ නිසා තමයි මිෂෙල් සූයට ඒ වැඩෙ බාර දුන්නෙ. ඊට අමතරව ගෙදර වෙන හැමදෙම වගේම, ලීජන්ග් තමන් නැති මොහොතේ ගෙදර කරන මාෆියා වැඩත් තමන්ට කියන්න ලෙසට සූයට මිෂෙල් අණ කරා.
මිෂෙල්ට ගොඩක් ලැදිව හිටිය සූයත් ගෙදරට යන එන අය වගේම ඔවුන් කතා කරන හැමදෙම මිෂෙල්ට කිව්වා. ඒ අතරෙ තමා මිෂෙල් දැන ගන්නෙ ජිමින් කියන්නේ ජේ කියලා. ඒක දැන ගත්ත මොහොතේ මිෂෙල්ට ඇති වෙන්නේ ලොකු තරහක් ඊටත් වඩා ලොකු දුකක්.
ජිමින් කියන්නේ කෙල්ලගේ හොඳම යාලුවා. මිෂෙල් කාටත් වඩා ජිමින්ව විශ්වාස කරා.ඉතින් එහෙම කෙනා තමන්ට බොරුකරා කියලා දැන ගත්තම මිෂෙල් හිතෙන් ගොඩක් දුක් වුණා.
YOU ARE READING
BLACK MASK <||JJK||> ON GOING
FanfictionMISHEL YOU ARE MINE. ONLY MINE !! - JUNGKOOK - START - 2023/02/19