මාව ලෙහපන් මිනිහො!!!අඳුරු කුටියක සිමෙන්ති කණුවක ගැට ගහලා හිටිය ජිමින් කේන්තියෙන් කෑ ගැහුවේ ඊට ඉස්සරහින් කකුලක් පිට කකුලක් දාගෙන ඉදන් ඉන්න ජන්කුක්ට.
ශ්.... උබේ කටේ සද්දේ වැඩි පොඩි එකෝ!
මාව ලෙහපන් ජන්කුක්!
ජන්කුක්ගෙ මුණේ තිබ්බෙ වියරු හිනාව එක්ක තරහා ගිය ජිමින් කෑ ගැහුවත් ජන්කුක් ජිමින්ව ගණන් ගත්තෙ නෑ. ඒත් ජන්කුක් හිටියෙ ලොකු කේන්තියකින්.
එක්ක! ජන්කුක් ජිමින්ව මුල ඉදන් විශ්වාස කරා. ජන්කුක් බය නැතුව මිෂෙල්ව ජිමින් එක්ක තිබ්බෙ ජිමින් ගැන පොඩි හරි විශ්වාසයක් තිබ්බ නිසා. අනික ජිමින් අවුරුදු ගාණක් මිෂෙල්ව වගේම ෂෙලිවත් හංගගෙන හිටිය එක. ඒ හැමදෙම මතක් වෙනකොට ජන්කුක්ට ජිමින්ව මරන්න තරම් කේන්තියක් තිබ්බත් ඒක කරන්න කොල්ලට හිත නොදුන්නේ තමන් නැති වුණත් අවුරුදු ගාණක් තමන්ගෙ වයිෆ්, තමන්ගෙ දරුවව ගොඩක් ආදරෙන්, කිසි කරදරයක් වෙන්න නොදි ජිමින් බලා ගත්ත නිසා.
ඒත් බ්ලැක් මාස්ක් කියන්නේ හිත උණු වෙන තරම් බොළඳ මිනිහෙක් නෙමෙ!
සුගා!
ටිකක් එහාට වෙන්න බිත්තියට හේත්තු වෙලා ජිමින් දිහා බලන් හිටිය යුංගිට ජන්කුක් කතා කරේ කල්පනාවක හිටිය යුංගි ජන්කුක් දිහාට හැරෙනකොට.
බොස්?
මුට අද දවසට කන්නවත් බොන්නවත් දෙන්න එපා.
එහෙම කිව්ව ජන්කුක් ඉන්න තැනින් නැගිට්ටේ ජිමින් කේන්තියෙන් හුස්ම පිඹින ගමන් ජන්කුක් දිහා බලන් ඉන්නකොට.
මිෂෙල් හොදින් ඉන්නවා නේද?
තමන්ව ලෙහන්නෙ නෑ කියලා දන්න නිසා ජිමින්ට ඕන වුණේ මිෂෙල් ගැන දැන ගන්න.
ඔව්! මගෙ වයිෆ් වගේම මගෙ දරුවත් මන් ළඟ හොදින් ඉන්නවා. එයාලා සතුටින් ඉන්නෙ. උඹ එයාලා ගැන වඳවෙන්න ඕන නෑ!
සමච්චල් හිනාවක් එක්ක ජන්කුක් කියනකොට ජිමින්ට දැනුණේ ලොකු වේදනාවක්.
'ඒ කියන්නේ එයා හැම ඇත්තක්ම දන්නවා.' ජිමින් තමන්ටම කියා ගත්තා.
YOU ARE READING
BLACK MASK <||JJK||> ON GOING
FanfictionMISHEL YOU ARE MINE. ONLY MINE !! - JUNGKOOK - START - 2023/02/19