ජන්කුක් ගියාට පස්සෙ අත් අතර මුණ හංග ගත්ත මිෂෙල් ඉකි ගහමින් අඬන්න ගත්තෙ හිතේ තියන වේදනාවට.එයා මොකද්ද කිව්වේ? ඔම්මා අප්පව මැරුවේ ජන්කුක් නෙමෙද? ම්. මට තේරෙන්නේ නෑ ඔම්මා! මට කිසිදෙයක් තේරෙන්නේ නෑ! අප්පා ඔයා කෝ? ඇයි මාව මේ ප්‍රශ්ණ ගොඩක අතරමන් කරේ?
කොන්ඩ ගස් අතර ඇගිලි යවන ගමන් මිෂෙල් ඇඬුවා. මිෂෙල් ගොඩක් අසරණයි. දෙමාපියන්ගෙ වැරදි නිසා මිෂෙල් ගොඩක් දුක් වින්දා. දැන් වුණත් කෙල්ලට ඒ ප්‍රශ්ණ වලින් ගැලවීමක් නෑ. එන්න එන්න ප්‍රශ්ණ පැටලෙනවා මිස ලෙහිමක් නෑ.
ආම්ම්ම්
එක පාට්ට ඔළුවෙන් දැනුණ වේදනාව එක්ක මිෂෙල්ට ඉබේම කෙදිරියක් පිටවුණා. සොක්ජින් කිව්වා වගේ මිෂෙල් ගොඩක් මනස වෙහෙසන නිසා කෙල්ල හිටියෙ ගොඩක් දුර්වල වෙලා. අවුරුදු ගාණකට කලින් වුණ අනතුර එක්ක මිෂෙල්ට එයාගෙ හදවත වෙනුවට ඉයුන්ජිගෙ හදවත බද්ද කරනවා. ඒ නිසාම මිෂෙල්ව ඉක්මනට දුර්වල වෙනවා. ලීජන්ග් වුනත් මිෂෙල්ට කිසිම දුකක් නොදි පොඩි කාලෙ ඉදන් බලාගත්තා. ඒත් ඒ එයා හිතපු විදිහ. මිෂෙල් කියන්නේ පොඩි කාලෙ ඉඳලම මානසික නිදහසක් නොතිබුණ කෙල්ලෙක්. පොඩ්ඩක් හරි ඒ හිත හැදුනේ ජිමින් ළඟ විතරයි. ඒත් දැන් එන්න එන්න වැඩි වෙන ප්‍රශ්ණ එක්ක මිෂෙල් මානසිකව වගේම කායිකාවත් ගොඩක් දුර්වල වුණා.
ඔළුවෙන් දැනෙන වේදනාවට ඔලුව අත් අතරට හිර කර ගත්ත මිෂෙල් දත් මිටි කෑවේ දැනෙන වේදනාවට. කොච්චර ඉවසුවත් වේදනාව අඩුවෙන්නේ නැති වෙනකොට මිෂෙල් එහෙන්මම දන ගහා ගත්තෙ කටින් නොනවත්වාම කෙදිරිලි පිටකරන ගමන්. ඒත් කෙල්ලගේ අවසනාවට කෙල්ලගේ වේදනාව කාටවත් ඇහුණේ නෑ.
__________
මිෂෙල්ව කිචන් එකේ තනිකරපු ජන්කුක් ආවෙ ෂෙලි ඉන්න කාමරේට. ඇද උඩ සැප නින්දේ ඉන්න කෙල්ල දිහා බලන් හිටිය ජන්කුක් චුටි ෂෙලි ළඟට ලන්වුණා. ජන්කුක් සයිඩ් එකෙන් තියලා ගිය කෝට්ටේත් බදාගෙන, කුණු කෙළත් පෙර පෙර ෂෙලි නිදි. චුටි කෙල්ලගෙ මුණ දිහා බලන් හිටිය ජන්කුක්ට හිනාවක් ගියේ ඉබේමයි. හිනාවක් එක්කම ෂෙලි ළඟට ලංවුණ ජන්කුක් කෙල්ල ලගින් ඉඳගත්තා.

YOU ARE READING
BLACK MASK <||JJK||> ON GOING
FanfictionMISHEL YOU ARE MINE. ONLY MINE !! - JUNGKOOK - START - 2023/02/19