- 27 -

632 98 12
                                    

-------------------------

 
" මට පේන්නෙ චූටි ටීච' කෙසේවෙතත් චූටි මල්ලි තොගෙ දැළට වැටිලා වගේ.. "

       පාන්දර නැගිට මූණ කට හෝ නොසෝදාගෙන ගුරු නේවාසිකාගාරයෙන් නික්ම යාමට සැරසුණු කොලුවා කනින් ඇදගෙන මුලුතැන්ගෙයට ගිය වසත් කුටු කුටු ගා මොන මොනවාදෝ පවසන හඩ ලැප්ටොප් පරිඝනකයේ ලිපිගොනුවක් පිරික්සමින් සිටි රහල්ට යන්තම් ඇසුණි.

      " වල් අලියෙක් ලවා පාන්දරම කෙලවගන්නැතුව ඉදපං වටින් පිටින් ටිකක් එලිය වැටෙනකල්. " ඒ වචන පමණක් ඔහු කනට ඇසෙන හඩින් පැවසුවේය.

     උණු චොකලට් කිරි කෝප්ප තුනක් වත් කළ වසත් කොල්ලාට මුලුතැන්ගෙයි බංකුවක් මත හිදගන්නට අණ කර එය අතට දුන්නේය.

      " එලිය වැටුණම කොහොමද යන්නෙ? අප්පච්චි නැගිටිනවනෙ. "

" ඉතින්?! "

    " .......... "

" මායාන්. මේ සෙල්ලම මෙතනින් නවතින්න ඕන. උබ ආපහු මෙහෙ එන්න බෑ. අදට විතරයි සමාව.. උබ පට්ට ගහලා ගෙදරට ගෙනිහින් දාන්නෙ අද රෑ ආවොත්. මං නරක මිනිහා කියන්න එපා ඊලඟට- " වසත් උස් හඩින් පැවසුවේ කෝපය නිසාම විය යුතුය. කොල්ලා වචනයක් හෝ නොකීවේය.

      පහ පසු වී මිනිත්තු හතලිස් පහක් පමණ ගෙවුණු පසු කොල්ලාගේ අතින් ඇදගෙන වසත් නේවාසිකාගාරයෙන් පිට විය. නැවත ආවේ හය හමාරට පමණ ය.


       රහල් හා එක්ව සිනාසෙනවා වෙනුවට වසත් කෝපයෙන් කැඩපත තුලින් පෙනෙන සිය පිලිබිඹුව හා රැව්වේය. රහල්ගෙන් මේවා සැගවීමට තැත් කිරීම මුග්ධකමකි. මිතුරා තමා ගැන වැරදි වැටහීමක් ඇති කරගන්නවාට වඩා ඔහු හා අවංක වීම නුවණට හුරු බව වසත් සිතුවේය.

      " අහවල් දැළ.. උබ මේ බම්බුවක් කතා කරනවා. උට නට්. දැළ එලලා අල්ලගත්තනම් හිත හදාගන්න තිබ්බා ගෙයි මුල්ලෙ තියෙන දැළට මේ මහ මුහුද මැද ඉදපු හාල්මැස්සෙක් ඇවිල්ලා එල්ලුණ එකනෙ කරන්න බැරි.. "

      " අඩේ මේවා ජෝක් නෙවෙයි ඈ.. උබ නිකන් චාටර් කන්න යන්නෙ ජොබ් එකත් කෙලෝගෙන.. ආන්ටි තෝ කොස්සෙන් ගහල මරයි.. "

සියපතක රොන්සුණු | LAB RAT_ | COMPLETE Where stories live. Discover now