- 52 -

553 74 11
                                    

හෙට කොටස අද දෙන්නෙ.. 💮

✨✨✨


සුසුම් රාවයන් විටින් විට වා තලය සිපගත්තේය.

අදුරේ විඩාබර අඩවන් දෙනෙත් තාමත් පියැවෙන සූදානමක නොසිටියේය. හදවත විටින් විට ඒවා කීද්දුවේය. නියුරෝන පැල් බැඳගෙන වටමේස සාකච්ඡාවක ය. රහල් සයනයේ අනෙක් පසට හැරුණේය.




      " නිදාගන්නැද්ද රහල්? නටවන්නෙ.. " හේශරට ද නින්දක සේයාවකුදු නොපෙනුනේය. සිය තුරුලට නෑවිදින් ඇදේ පෙරලි පෙරලී සිටින පෙම්වතා ඔහුගේ කෝපය මදක් ඇවිස්සුවේය.

        " මට අර කොල්ලව කොහෙදි හරි මතකයි.. "

" මොන කොල්ලද බං? හෙට වව්නියා යන්න තියෙනවා බං මට! "

     " අර ගමේ කොල්ලා.. නෙලුම්.. "

හේශර මදක් උවමනාවෙන් මෙවර රහල් දෙස හැරුණේය. සඳ එලියෙන් යන්තමට ඇස්වල දිස්නයෙන් පමණක් ඔහුට රහල්ගේ හැඟුමන් හා චකිතයන් වෙන් වෙන්ව කිව හැකි විය.

     " I'm Listening.. "

" ඌ මට හොදට හුරුයි අයියෙ.. ඔලුව පිටිපස්සෙම තියෙනවා.. ඇයි එන්නෙ නැත්තෙ... ආහ්..! කල්පනා කරලම මගෙ ඔලුව පුපුරන්න ඇවිත් තියෙන්නෙ දැන්.. "

     " කොල්ලට තියෙන්නෙ යුනීක් පෙනුමක්. ඒ වුනාට දැකල හුරු ගතියක් මටත් ලාවට- ෆක්! - " හේශර ඇදෙන් පැන්නේ රහල්ව ද තිගස්සවමිනි. අඩ අදුරේම ඇද කොනෙහි වූ මේසය අතපත ගා උකුල් පරිගණකය අතට ගත් ඔහු ඇදට පැන්නේ රහල් විදුලි පහන් දල්වනවාත් සමඟම ය.

     හේශරගේ අහලකවත් නිදිමත නොරැඳුණි. ඔහුගේ අතැගිලි පමණක් නොව තොල් ද මදක් වෙව්ලුවේය. " How!- in the fucking world-  කොහොමද හුත්තො මට මේක මීටර් වුන්නැත්තෙ?! No- fuck! Are you for fucking real හේශර?! උබ නං මහ මී හරකෙක්! "

     රහල් වචනයක් හෝ නොකියා ම පෙම්වතාගේ පරිඝනක තිරය දෙස විසල් දෙනෙත් යොමු කරගෙන සිටියේය. හේශර මේ ගැන දැන සිටිය යුතු බවක් ඔහුගේ මතකය කොනක ද රැඳුණු හෙයින් ඔහු විශ්මයට පත් නොවුණේය.

සියපතක රොන්සුණු | LAB RAT_ | COMPLETE Where stories live. Discover now