- 44 -

629 92 19
                                    

♡♡♡♡♡♡♡♡♡♡♡♡


" මොකද්ද මචං උබට මං එක්ක තියෙන ප්‍රශ්නෙ..? " ලඟකදී එක්කාසු කරගත් මිතුරන්ගෙන් වෙන් වී පිට්ටනිය කොනක කොස් ගසේ පෑදුනු විසල් මුල් අතර හිදගෙන දිගු කල්පනාවක සිටියේ මායාන් ය. තුත්තිරි මලක් දත් අතර සපමින් නෙලුම් කොස් ගසට පිටදුන්නේය.

මායාන් බිමට රැව්වා පමණකි. කොල්ලන් පිට්ටනියේ ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටිය හ. උන්ගේ දැගලිල්ලෙන් උස විසි වූ දුහුවිලි සුලං රැලි හා මුහුව දුහුවිලි වලාකුලු නංවමින් පා තලයේ විටින් විට අතරමං විය.

     අව් රශ්මිය කොස් ගහ මුලට නොදැනුන ද කාන්තාරයක් වන් පිට්ටනිය දෙස බැලීම ද ඇස් පිලිස්සුවේය.

       ඒශ්වර් ක්‍රිකට් පිත්ත අතැතිව සිටිය ද ඇස් නෙලුම් මත විටින් විට රැදුණේය. ඔහුගේ ශක්තිය ද දුර්වලකම ද නෙලුම් විය. නෙලුම්ට පෙන්වන්නට ඕනෑ නිසා ම හයේ පහරවල් හතර අතින් වා තලයට විසි වූව ද නෙලුම් ඇස් මානයෙන් ගිලිහුනු මොහොතක පිට්ටනිය සිසාරා ගිය දෑස් පිත්ත වෙත එන බෝලය මත රැදුනු අවධානය උදුරාගත්තේය. ඒ නිසා ම නෙලුම් උන්නේ ඔහුට පෙනෙන මානයේම ය.

       අසිපත් අයියා ඇන ගිය ටොක්ක නිසා හිස්මුදුන තවමත් යන්තම් ඉදිමී ඇත්තේය. ප්‍රගති වාර්තා පොතේ රැදුනු ප්‍රගතියක් නම් නැත්තේ ය. ගණිතයට ලබාගත් ලකුනු විස්සට සරිලන පරිදි ඔලුව වටේ ටොකු විස්සක ඉදිමුම් තබන තර්ජනයට නෙලුම්ගේ ප්‍රතිචාරය ඒශ්වර්ට ගෙනාවේ හිනාවකි.

        " ලකුනු විස්සට ටොකු විස්ස නං ලකුනු සීයක් ගත්තොත් ටොකු සීයක් නෙ.. හිතලමයි මං අඩුවෙන් ලකුනු ගත්තෙ. "

        පන්තියේම ළමුන් ඉදිරිපිට දඩාර ටොක්කක් කෑවද නෙලුම්ගේ හුරතල් හිනාව නම් වෙනසක් නොවුණේය. ඒශ්වර්ට ඊර්ෂ්‍යාවක් දැනුණේය. ' මට වචනෙ වැරදුනොත් තමා නටන්නෙ පුප්පගෙන.. '

        " මට වසත් ස' එක්ක ගනුදෙනුවක් නෑ. "

" ඉතින්? "

     " රටේම උන් එක්ක පදුරු අස්සෙ රිංගුවත්  ස' එක්ක එහෙම රෙද්දක් වෙන්නෑ. ස' මගෙ ටීච'. එච්චරයි. "

සියපතක රොන්සුණු | LAB RAT_ | COMPLETE Where stories live. Discover now