| Chapter 11.|

119 37 33
                                    


ටේහ්‍යුන්ග් ජන්ග්කුකව හම්බවෙලා දැන් සති 2ක් වෙනවා. ඒ වගේම ටේහ්‍යුන්ග් දැන් ජන්ග්කුක්ට ගොඩක් කැමත්තෙන් හිටියා. ජන්ග්කුක් කතා කරන විදිහ, හිනාවෙන විදිහ, එයා ඇවිදිද්දී උසට කඩවසම්ව පේන විදිහ, ජන්ග්කුක් වතුර බොද්දි එයාගෙ Adams apple එක උඩට පහලට වෙන විදිහ, එයා මේ දවස්වල එයාගේ අත දිගේ ගහන tattoos ගැන ටේහ්‍යුන්ග් obsessed වෙලා හිටියා. ජන්ග්කුක් lecture break එකකදි ඇවිත් ටේහ්‍යුන්ග් එක්ක කාටත් හොරෙන් summer house එකේ කතා කර කර හිටියා. ජන්ග්කුක් යන්න කලින් ටේහ්‍යුන්ග්ගෙ නලල kiss කරන එකට ටේහ්‍යුන්ග් ආස කරා.

ජන්ග්කුක් ඊයේ ටේහ්‍යුන්ග්ට දුන්න teddy bear key tag එක purse එකේ එල්ලලා ඒක දිහා බලන් ඉන්න ටේහ්‍යුන්ග්ට ජිමින් ඔලුවට ගැහුවා.

මොන ලෝකෙද ඉන්නේ!!!
ජිමින් ටේහුන්ග්ගෙ කනට කරලා හයියෙන් කෑ ගැහුවා.

ඒ සද්දෙට මේසෙ උඩ කට ඇරන් නිදන් හිටිය මින් ජුන් උඩ ගිහින් ඇහැරිලා වටපිට බලන ගමන් අප්පුඩි ගැහුවා.

කවුද වැඩිම ලකුනු අරන් තියෙන්නෙ
මින් ජුන් නිදිමත බේරෙන කටහඬකින් ඇහුවා.

මොන ලකුනුද මෝඩයෝ...Professor තාම පන්තියට ආවෙත් නෑ. අනේ මන් දන්නෙ නෑ...මට තේරෙන්නෙ නෑ...මන් විතරයි මෙතන සිහියකින් වැඩ කරන එකම මනුස්සයා. අනිත් උන් හොල්මන්.
විසාල කරදරයක් වුනානෙ මේක. මින් ජුන්, මට කියන්න...ටේ මේ දවස්වල වෙනස් නේද නේ? ඔව් නේ? එකනේ...
ජිමින් වේගෙන් කියාගෙන යද්දි ටේහ්‍යුන්ග්නුයි මින් ජුන් ඇස් ලොකු කරන් ජිමින්ගෙ වේගෙන් හෙල්වෙන කට දිහා බලන් හිටියා.

මින් ජුන්...
ටේහ්‍යුන්ග් රවලා මුකුත්ම කියාගන්න බැරුව ඉන්න මින් ජුන් දිහා බැලුවා.

බ්-බොරු මේ කියන්නෙ. මන් දන්නෙ නෑ...මන් දැක්කෙ නෑ...මන් හිටියෙ නෑ...මන් යනෝ...
මින් ජුන් නැගිටලා hall එකෙන් එලියට ගියා.

දැන් ඔහේ...ටේ මගෙන් බේරුමක් නෑ ඔයාට...කිය-

Listen everyone...The lecture that was about to held now is postponed due to an unavoidable reason...okay? Dr. Kim asked me to inform you about it. Thank you.

Senior student කෙනෙක් ඇවිත් හයියෙන් කිව්වම ඔක්කොම ළමයි clap කරලා whistle කරලා තමන්ගෙ bags අරගෙන එලියට ගියා.

Best Halloween EverWhere stories live. Discover now