| Chapter 10.|

123 33 54
                                    


At the cafeteria

ටේහ්යුන්ග් cafeteria එක ඇතුළට හෙමීට ඇවිදගෙන ආවා. ජිමින්ට යන්තන් බොරුවක් කියලා ආව ටේහ්‍යුන්ග් cafeteria එකේ වටේටම ඔලුව හරවලා ජන්ග්කුක්ව හෙවුවා.

Cafeteria entrance එක ලඟ ඔලුව හරව හරව ඉන්න ටේහ්‍යුන්ග්ව දැක්ක යුන්ගි එයා ඉස්සරහ ඉඳගෙන හිටිය ජන්ග්කුක්ට වැලමිටෙන් ඇනලා ඇස් වලින් ටේහ්‍යුන්ග්ව පෙන්නුවා. ටේහ්‍යුන්ග්ගෙ කලු ටිකක් දිග කොන්ඩෙ, චූටි රවුම් මූන, රෝස පාට තොල් දෙක දිහා ජන්ග්කුක් කට් ඇරන් බලන් ඉන්දිද්දි යුන්ගි plate එකේ යට තියෙන  tissue එකෙන් ජන්ග්කුක්ගෙ කට වටේ පිහිදුවා.

සිහියට එනවා කුක්...කෙලත් බේරෙනවා.
යුන්ගි හෙමින් කිව්වා.

එයා ලස්සනයි නේ? යුන්ගි ටේහ්‍යුන්ග් දිහාවට අත වනද්දි ජන්ග්කුක් කිව්වා.

හ්ම්ම්...

ටේහ්‍යුන්ග් බිම බලාගෙන ජන්ග්කුක් වාඩිවෙලා හිටිය table එක ලඟට යන ගමන් backpack එකේ පටිය තද කරලා ඇල්ලුවා.

Good morning Taehyung! Have a seat.
යුන්ගි හිනාවෙලා කිව්වා.

Good morning hyung! ටේහ්‍යුන්ග් බිම බලාගෙන පුටුවෙන් වාඩිවෙන ගමන් කිව්වා.

ජන්ග්කුක් තාම වචනයක් වත් කතාකරේ නෑ. එයා කට වහන් ඇස් ලොකු කරන් ටේහ්‍යුන්ග් දිහා බලන් හිටියා.

අහ්හ්හ්හ්ම්ම්ම්ම්ම්....!!! කුක් මං යන්න ඕනෙ. මට අර assignment එක submit කරන්න තියෙනවා. ඔයත් assignments එක පස්සෙ කරලා professorට දෙන්න. Toodle-pip guys!!

යුන්ගි නැගිටලා එයාගේ එක අරගෙන ටේහ්‍යුන්ග්ට හිනාවෙලා ජන්ග්කුක්ගෙ පිටට තට්ටුවක් දාලා ගියා.

ටේහ්‍යුන්ග් ලා කහපාට oversized hoodie එකකට ලා නිල් පාට sweatpant එකක් ඇඳගෙන හිටියා. ඒ නිසා ටේහ්යුන්ග්ව පෙනුනෙ ගොඩක් ලස්සනට වගේම හුරතල් විදියට. ටේහ්‍යුන්ග්ගෙ bread cheeks raspberries වගේ රතු වෙලා spark වෙලා ජන්ග්කුක්ට පෙනුනා.

H-Hi!
ජන්ග්කුක් nervous විදිහට හිනා වුනා.

Hi
ටේහ්‍යුන්ග් ජන්ග්කුක් දිහා බලන්නෙ නැතුව මේසෙ දාරෙ නියපොත්තෙන් හූරන ගමන් කිව්වා.

You look drop dead gorgeous tae!! ජන්ග්කුක් එකපාරටම කිව්වම ටේහ්යුන්ග් රතු වුනා.

Best Halloween EverOnde histórias criam vida. Descubra agora