අයේන් වාහනේ drive කරනකොට එක පාරට ආපු කළු පාට ජීප් එකක් කොල්ලගේ car එක හරස් කරලා නතර කාලේ කොල්ලා ෆුල් හොල්මන් වෙලා යද්දි .ඒ එක්කම ඒ වාහනේ ලගින් තවත් කළු ජීප් දෙකක් නතර කරා .ඒ මදිවට පිටිපස්සේ සුදු පාට වාහන වලින් ආපු හයේ හතරේ කොල්ලො ටිකකුත් හිටියා .ඒ එක්කම අයේන් වහනෙන් බැස්සේ මේ
බකුසූ රැළට කරුණු පහදල එයාට පරක්කු වෙලා යන්න දෙන්න කියලා හිත හොදින් කියන්න .හැබැයි ඉතින් කොල්ලා හිතේ තියං හිටපු ඔක්කොම ආපහු හිත පතුලේ තැන්පත් උනේ කලු පාට ජීප් තුනෙන් බැහැපු තුන් දෙනා දකිද්දී .ඔව් ඔව් ඒ වෙන කවුරුත් නෙමෙයි අපේ ගජේන්ද්ර කොල්ලො තුන් දෙනා .
මේ ඇතත්ටමට ඔයාලා මේ වාහන ටික ගන්නවද .මට හොඳටම late වෙලා තියෙන්නේ .
අයේන් බයෙන් වගේ දේව් දිහා බලාගෙන කියනකොට කොල්ලා නම් කට කොණකින් හිනා වුණේ අයේන් ගේ පපුව වේගෙන් ගැහෙන්න ගනිද්දී .🍁
වාහනේ නම් ගන්න තිබ්බ .හැබැයි ඉතින් මේ මට අයිති දෙයක් තනියම මහා රෑ යවන්න කැමති නැහැ මන්
දේව් කට කොනින් හිනා වෙලා අයේන් දිහා බලාගෙන එහෙම කිව්වේ අපේ පුංචි දොස්තර මහත්තයා ගේ කටත් කුරුලු හොට වගේ උල් වෙලා යද්දි .
හලෝ mr මේ කරුණාකරලා ඔය වාහන ටික ගන්න .
මෙහෙමයි ඉතින් අහිංසකයා වගේ හිටියට අපේ පුංචි දොස්තර මහත්තයාත් ලේසි පහසු පුතයෙක් නෙමෙයි .දැන් නම් කොල්ලාට සුට්ටකට වඩා තරහ ගිහින් තියෙන්නේ .ඔව් ඉතින් මහා රෑ වෙනකං ලෙඩ්ඩු එක්ක ඔට්ටු වෙලා ගෙදර යන්න පාරට බැහැපුවහම කොහේවත් යන ඔට්ටපාලුවෝ සෙට් එකක් පාර ඉස්සරහ උන්ගේ වාහන ටික නතර කරන් . මෙහෙමයි ඉතින් මේක අපේ ඇමති පුතුණුවන්ගේ වැඩක් කියලා අපේ දොස්තර මහතාය නම් දැක්ක ගමන් අදුන ගත්තා .එහෙම කියලා ඉතින් එයාලා කියන දේ කරන්නත් බැහැ නේ
මේකයි බබා වාහන ටික ගන්න විදිහක් නැහැ .අපි මේ දේව් ඔයාව කැන්දන් යන්න ආවේ
කැන්දගෙන යන්න මේ මාව .ඒ කොහෙද Mr දේව්
සරලයි බබා .ඔයා අපේ දිහා ආවා අයියල එක්ක ඔයාගේ .මගේ හිතත් අරන් ඔයා එයාලා එක්ක ගියා .දැන් මන් ඔයාව marry කරලා මගේ හිත ආයේ මන් ලඟට ගන්න යන්නේ .
අනේ මේ Mr දේව් විකාර නොකියා ඔන්න ඔයා අට මගුල් ටික ගන්නවා අයිසේ .
අහ් හා මස්සිනා අපේ පොඩ්ඩට අයිසේ පයිසේ ගනවට මේ නිකේශ් කැමති නැහැ .
අනේ මේ මිස්ටර් ඔයාගේ මල්ලිට මාව ඕන නම් වැදගත් විදිහට අපේ ගෙදරට හෙට උදේ එන්න කියන්න
අයේන් එහෙම කිව්වේ දේව් දිහාත් ඇස් කොනින් බලන ගමන් .
මේකනෙ මස්සිනා අපේ මල්ලි ඒ විදිහට කැමති නැහැනේ .
Nikesh මන් හිතන්නේ අපි මේ මල්ලි කියන විදිහට කළොත් හොඳයි .මන් කලිනුත් උබලට කිව්වට .
Woha මොලේ තියන ලොකු අයියා කෙනෙක් ඉන්න එකම ලොකු දෙයක් හැබැයි
අයෙන් එහෙම කිව්වේ Nikesh ,දේව් දෙන්න දිහා නෝන්ඩියට බලන ගමන් .හැබැයි අපේ දේව් නන් හිටියේ බුමි තෙල් ගහපු ගැරඩියෙක් වගේ .හැබැයි ඕක අපේ අයෙන් ට නම් note උනා .
Mr දේව් ,තමුන් ට මාව ඕන නම් හෙට වැඩිහිටියෙක් එක්ක අපේ ගෙදර එනවා .අපේ family එකේ කට්ටියම හෙට ඉන්නවා ගෙදර .මොකද weekend එක නිසා .
අනික ඔයා මේ මෙතන පුපුරුවා කියලා කරන්න දෙයක් නැහැ .මන් උදේ පාන්දර ඉඳන් hospital එකේ මැරිලා මැරිලා ගෙදර එනකොට තමුසෙලා පාර හරස් කරලා මාව උස්සන් ගිහින් කසාද බදින්න හදනවා .ඒව වෙන උන් එක්ක කරාට මේ දිවාකර ලා එක්ක බැහැ .ඒ නිසා වැදගත් විදිහට එනවා .අනික තමුන් ලා තුන් දෙනාටම වඩා මන් වැඩිමල් .මට වගකීම් තියනවා .තමුසෙලා මෙහෙම සෙල්ලං කරාට මට එහෙම බැහැ .දැන් ඔය අටමගල් ගන්නවා ගොඩ්සිලෝ මට ගෙදර ගිහින් දෙයියනේ කියල නිදා ගන්න ටිකක් .
අයේන් එහෙම කියලා එයාගේ car එකට නැගලා දඩාස් ගාලා door එක වහගෙන වාහනේ race කරලා ඉස්සරහට ගන්නකොට අපේ ඇමති පුතුකියෝ එක්ක ආව set එක වාහනේ අයින් කරේ ආයේ වාහන ටික හප්පන් මේ දොස්තරයා යයි කියලා බය උන නිසා
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
Ayen වේගෙන් වාහනේ යන දිහා කට්ටිය බලන් හිටියේ කටවල් ටිකත් ඇරගෙන
මන් උබල දෙන්නට කිව්වා .වැදගත් විදිහට එමු කියලා .
අනේ මේ ලොකු උබ තමා doctor මස්සිනා කියන දේ ඇහූවේ.හැබැයි පොඩ්ඩෝ උඹේ මිනිහා නම් සැරයි .බලපන්කෝ අහිංසක උපාසක වගේ හිටියේ.
සිරාවටම Nikesh අයියේ.එයා වැඩිමල් කියලා අපිට නින්දිත ලෙස අපහසත් කළා .....🥺🤧🤧🤧🤧
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
අහ් ළමයි කාලෙකින් නේද .ආයේ next එකෙන් එන්නම් එහෙනම් හොඳේ ....
දැන් yizhan විතරක් ලියනවා කියලා jikook set එක මා එක්ක තරහා වෙනවා 😁😁😁
ESTÁS LEYENDO
(◍•ᴗ•◍)❤ BECAUSE OF U _ongoing_
Fanficjikook top jk bottom jm ගොඩක් වෙනස් කතාවක්.Sri lanakan culture එක ඇතුලේ යන කතාවක් .කැමති අය කියවලම බලන්නකෝ(。♡‿♡。)