Chapter 7

61 9 1
                                    

ඉනා එදා ගෙදර එද්දි ගොඩක් රෑ වෙලා තිබුනා. ඉනාව දැකපු මීලියා පුදුම උනා. ඇයට හිතාගන්න බැරි උනා මේ ඉනාමද කියලා. ඇය ඒ තරම්ම ලස්සනයි. කොටට කපා තිබූ කොණ්ඩය ඇයට දඟකාර අමුතු ලස්සනක් දී තිබුනා.
           
නින්දේදී ඉනාට අර සුදු වෘකයා පෙනුනා. දැන් එයා ඉනාගෙ ලඟටම  ඇවිත්. ටේහියුන්ගෙ ලස්සන සිනහවත් පෙනුනා. ඒ වගේම ජන්කුක් වත් පෙනුනා.  ඊලඟට දැක්කේ ජියාව. ඇය වෘක වෙස් ගෙන තමන්ගේ ඇඟට පැන මුළු ඇඟම හැපුවා.

ඉනා වේදනාවෙන් කෑ ගැසුවා අවසානයට ඇය  තමන්ගේ හිස කඳින් වෙන්කරනු දුටුවා. බිය නිසා ඉනා නින්දෙන් අවදි උනා. දහඩියෙන් මුළු ඇඟම තෙමිලා. ඉන්පසු ඇයට නිදාගන්නටත් බිය හිතුනා ආයෙත් අර හීනේ පෙනෙයි කියලා.

         
ටික වෙලාවක්  කාමරයේ එහාට මෙහාට ඇවිද්ද ඉනා දොර ඇරගෙන එලියට ගොස් ඇගේ ඔන්චිල්ලාවෙ වාඩිඋනා..  ජියා තමාව මරණ හැටි ඇයට මැවි මැවී පෙනුන අතර  ඇත්තටම එහෙම වෙයිදෝ කියා ඇයට සිතුනි.

ඉහල අහසෙන් ඇයට විශාල කුරුල්ලෙකු තටු සලන හඬක් ඇහුනි.
  
            

ඔව්...... ඒ ජන්කුම්...  හඳ එලියට එයා දිලිසෙනවා.. අහසින් එන සුර දූතයෙක් මෙන් ඔහු ඉහල සිට පියඹා ආවා. ඉනා හරි ලස්සනට හිනාවුනා. ඔහු ඇවිත් ඉනා  ලඟින්ම වාඩිවුනා.

   
" ඇයි හිනාවෙන්නෙ "

   
ඔහුගේ  කටහඬ අමුතුයි. ඒක.. ඒක කියන්න තේරෙන්නෙ නෑ. ඒ කටහඬ අහගෙනම ඉන්න හිතෙනවා. හරියට වශීවෙලා වගේ.

  
" නෑ... ඔයා එහෙම පියාඹගෙන එනකොට පේන්නෙ සුර දූතයෙක් වගේ "

 
ඔහු ලස්සනට හිනාවුනා.  ඒකටත් වශී වෙනවනෙ,  ඉනාට සිතුනි.

   
" ම්ම්ම්..... දූතයෙක් නම් තමයි....  හැබැයි සුර, නෙවෙයි. අසුර  "

   
ජන්කුක් අත් දෙකත් දෙපැත්තට දාලා සැහැල්ලුවෙන් වාඩිවෙනගමන් කිව්වා.

   
" අද ඔයා හරි  අමුතුයි... ඇයි ඒ... "

 
" ඒක බබා හඳ එළිය නිසා වෙන දෙයක්... අපි අයිති අඳුරට. ඒ කියන්නෙ රෑට. ඒ අඳුරෙන් එන ආලෝකය තමයි අපේ ශක්තිය. මේ හඳ එලියෙන් මට ලොකු බලයක් ලැබෙනවා "

Memories { Endless Love session 2} || JJK / KTHWhere stories live. Discover now