Chapter 15

13 5 0
                                    

ඉනායාට යලිත් ජීවය ලැබුණු බව ජියා දැන සිටියේ නැත.

නමුත් ටේහියුන්ග් ට එල්ල කල විශ කැවූ හෙල්ලය ඉනාට වැදීමත් සමග ඇය එතනින් පලා ගියේ සිදුවූ දෙයට ජන්කුම් ගෙන් නම් සමාවක් නොලැබෙන බව දන්නා නිසාය.

ජියා සිටියේ කැලය මැද සැඟවී තිබූ ගුහාවක සඟවීය.
        
හිටිහැටියේ ඇයට දැනුනේ කවුරුන් හෝ ඒ දෙසට පැමිණෙන බවකි. ඉවකර බැලූවද ඒ කවුදැයි කියා සිතා ගැනීමට අපහසු විය. ඒ පැමිණි කවුරුන්හෝ ටික වෙලාවක් ගුහා දොරටුව ලඟ කැරකෙමින් හිඳ එතනින් ඈතට යනු ඇසුනි. සැනසුම් සුසුමක් හෙලූ ජියා ගුහාවෙන් පිටතට ආවේය.

      
" ආ........ ආවද එළියට....... උඹ එනකම් තමයි මමත් බලන් හිටියේ.... "

   
එකවරම පසුපසින් ඇසුනු කටහඬ නිසා තිගැස්සී පිටුපස හැරී බැලූ ජියා දුටුවේ ඉනායා. එහෙත් ඇය ඉස්සර සිටි ඉනා නොවේ. හිටියාටත් වඩා සුදුමැලිව තිබූ ඒ මුහුණේ ඇස් ලා රතු පාට තරුකැට දෙකක් මෙන් දිලිසුනි. සිහින් රත් දෙතොල් දෙපැත්තෙන් දිගුවී තිබූ දැත් යුගලය, උල්වී දික්වී තිබූ කන්දෙක හා සුදු හ කලු පැහැති පියාපත්......... ඇයට තිබුනේ ජන්කුක්ටත් තිබුනාටත් වඩා භයානක පෙනුමකි. ජියාගෙ උගුරකට වියලී ගියේය.

 ජියාගෙ උගුරකට වියලී ගියේය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

    " ඉ... ඉනායා ....... ඔයා..... නෑ  නෑ..... මං දැක්කා....... ඔයා මැරෙනවා........ එ... ඒත් .ඔ..ඔයා..... කොහො මද...... මේ....... "

    
"  උඹ දැක්කේ මං මැරෙනවා....... ඒත් උඹ දැක්කෙ නෑ නේද ජන්කුක් මැරෙනවා........ උඹ නිසයි  ඒක වුනේ....... උඹ නිසයි  මගේ  ජන්කුක්  මැරුනේ....... උඹට ඒකට  වන්දි ගෙවන්නම වෙනවා  ජියා...... "

        ජියාට උන්හිටි තැන් අමතක විය. සිදුවී තිබූ දෙය ඇයට වැටහුනි. ඊලඟට වෙන්න යන දෙයත් ඇයට වැටහුනු නමුත් එය කෙතරම් කෘර වේදැයි ඇය දැනසිටියේ නැත.
         
ඊට වඩා ඇයට සිතීමට ඉඩ නොලැබුනේ ඉනාගෙ දරුණු නිය පහරක් ඇයගේ වම් කම්මුල හරහා ඇදී ගිය නිසාය. ඒ නිය වලට ඇයගේ කොපුලේ මස් හා දත් කීපයක්ද ගැලවී ගියේය. ජියා විලාප දෙමින් මුහුණ අල්ලාගෙන පහත් විය.

Memories { Endless Love session 2} || JJK / KTHWhere stories live. Discover now