Chapter 9

39 7 0
                                    

ඉනා කැලේ මැදින් ටේහියුන් ගේ නිවස දෙසට දිව ගියා. ඇය එහි යනවිට ටේහියුන්ග් ඇතුළු පවුලෙ සියලු දෙනාත්, ජියා එහි හිටියා. නොසිතු ලෙස එහි පැමිණි ඉනා දෙස අන් අය බැලුවෙ පුදුමයෙන්. ජියා අමුතු විදියට හිනාවුනා.


" මොනාද ඉනායා මේ වෙන්නෙ. මේ ජියා කියන කතාව ඇත්තද ? "


යුනා ඇසුවා. ඉනාට හිතාගන්න බැරි උනා ඇය කියන්නෙ මොනා ගැනද කියලා.


" මොනාද ගැනද කියන්නෙ නැන්දෙ "


" ජියා කියනවා ඔයාට වැම්පයර් කෙනෙක් එක්ක සම්බන්දයක් තියෙනවා කියලා "


ඒක කිව්වෙ ටේහි.

" මොන වගේ සම්බන්දයක්ද තියෙනවා කියන්නේ "


ඉනාට ඇත්තටම කේන්ති ගිහින් තිබුනා.
සමච්චල් සිනාවක් දාගෙන ජියා කතාවට බැස්සා.


" ඇයි ඉනායා .... ඔයා බයයිද කියන්න ඔයාට වැම්පයර් කෙනෙක් එක්ක ආදර සම්බන්දයක් තියෙනවා කියලා......... ඔයා මෙච්චරකල් කරපු බොරුව දැන් එලිවෙලා තියෙන්නෙ ඉනායා .තවත් බොරු කරන්න එපා. දැන්වත් පිලිගන්න ඔයා ටේහියුන්ග්ට කලේ බොරුවක් කියලා. ඔයා ටේහියුන්ග් ට ආදරේ කරනවා කිව්වෙ බොරුවට. ඔයා හැදුවෙ අර වවුලත් එක්ක එකතුවෙලා අපේ පවුල විනාශ කරන්න..... එහෙම නේද ඉනා... "


ජියා ඉනාගෙ වටේ කැරකි කැරකි කිව්වා. ඉනාට දැනුනෙ ඇගේ දෑස් වලින් ගින්දර පිටවෙනවා වගේ. ඒ තරම් තරහකින් ඉනා හිටියෙ. ඇය ටේහියුන්ග් ලඟට ගියා. ගිහින් කෙලින්ම ඔහුගෙ ඇස් දිහා බැලුවා.


" ඔයත් එයා කියන දේ විශ්වාස කරනවද ටේහියුන්ග් "


" මං මගේ ඇස් දෙකෙන්ම දැක්කා ඔයා ඌත් එක්ක කතා කර කර ඉන්නවා "


" හහ්.... ඉතින් මං එයත් එක්ක කතා කරනවා දැක්කා කියලා ඔයාට පුලුවන්ද කියන්න මං එයාට ආදරේ කරනවා කියලා... ආ.. "


" මං ... මං දන්නෑ "

" ඔයාට මාව විශ්වාස නෑ නේද ටේහියුන්ග් . ඔයා කිව්ව නේද මට ආදරෙයි කියලා . කෝ දැන් ඒ ආදරේ..... මට පුදුමයි ටේහියුන්ග් ඔයා ගැන.. ඇත්තටම මං හිතුවෙ නෑ ඔයා මට ඔහොම කරයි කියලා. මං ඔයාව විශ්වාස කලා. මගේ මුළු ජීවිතේ ම ඔයාට දුන්නා. ඒත් ඔයා...... "

Memories { Endless Love session 2} || JJK / KTHWhere stories live. Discover now