Chapter 4

64 11 6
                                    

එයින් එක් සිතුවමක් ඉතා සුවිශේෂී විය. එහි මගේ මූණ අර්ධ මනුෂ්‍ය හා අර්ධ වෘක විය. එහෙත් එහි මගේ දිගු කොණ්ඩය වෙනුවට කොට කොණ්ඩයක් තිබුනි. ඇස් දෙක නිල්පාට ය.


" ඒක ලස්සනයි "


ඔහු සිනාසුනි.
" මං ඔය හීන දැක්කෙ ඔයා දකින්නත් කලින්. ඊට පස්සෙ දවසක් නගරෙදි ඔයාව දැක්කා.

අඳුරන්නේ නැති නිසා කතාකරන්නත් බෑ. පස්සෙ තමයි දැනගත්තෙ ඔයා ඉන්නෙ ජන්ග් සීයලයි ගෙදර කියලා "


" ඉතින්......"

" ඉතින් මෙහෙට එනකම් බලන් හිටියා. ඒත් ඔයාගෙ කොණ්ඩෙ දිගයි. මගේ හීන සුරන්ගනාවි ගෙ කොණ්ඩෙ කොටයි. ඒකයි මං මුලින් ඔයත් එක්ක කතා නොකලෙ "


" ඕ...... සුරන්ගනාවි ...... "

සූබින් කට ඇද කර කීවේය.

" ඇයි අවුල්ද.... "


" න්... නෑ ... ඉතින් මේ.... සුරන්ගනාවියෙක් නෑනා වෙන එක කොච්චර හොඳයිද..... මං අම්මට කියන්නද.... "

සූබින් මගේ කරට අතක් දාගනිමින් කීවේ මගේ මූණට එබෙමිනි.


" අම්මට කියන්න ඕන නෑ .... දැනටමත් ඇහිලා ඇති "

සූයා කිව්වා.


" ආ මෙයා බලන්නකෝ..... මොකෝ මේ මූනත් රතු කරන් ඇඹරෙන්නෙ "


ටේහියුන් මගේ දිහා බලන් කිව්වා.

" ඒම තමයි කෙල්ලො..... ඔය කොල්ලො වගේ පොල්ලෙන් ගහනවා වගේ හැමදේම කියන්නෙ නෑ , නැද්ද නෑනෝ.... "


මට පොලව පලාගෙන යන්න හිතෙයි. එයා මට කැමතියි ...... අදහගන්නත් බෑ..... අයියෝ..........

කවුරුන්හෝ පඩිපෙල නැග එනු ඇහුනා. ඈ එනවිටද සූබින් ගේ අත තිබුනේ මගේ බෙල්ල වටේ එතීය.


" හා..... නෑනල මස්සිනාල බර කතාවක වගේ. "

මට උන්හිටි තැන් අමතක වුනා. ඒ කියන්නේ මොවුන් කතා කල දේවල් ඇයට ඇසී ඇත. මට නොතේරෙන යමක් මෙහි ඇති බව මට හිතුනි.


" දැන් රෑ වෙන්නත් ලඟයි. ටේහියොන්ග් ඔයා සූයා එක්ක ගිහින් ඉනායාව ඇරලවලා එන්න "

මමයි සූයායි පහලට ආවත් ටේහියොන්ග් යුනා සමග කුමක් හෝ පිලිබඳ උස් හඬින් කතා කරනු ඇසුනි.

Memories { Endless Love session 2} || JJK / KTHWhere stories live. Discover now