Chapter 2

100 9 15
                                    

" මේ කැලේ සත්තු ඉන්නවද ආච්චිඅම්මා "

දිනක් ගෙවත්තේ වැඩක යෙදී සිටියදී ඉනා මීලියාගෙන් ඇහුවා .

" ලොකු දරුණු සත්තු නම් නෑ . ඒ නිසාම ඔය පොඩි පොඩි සත්තු ඕන තරම් ඉන්නවා "

" ඉනා මීට කලින් කැලෑවක ඇවිදලා තියෙනවද "

ඒ ප්‍රශ්නය සීයාගෙනි .

" අනේ නෑ සීයා ..... එහේ මොන කැලෑද ? අම්මත් එක්ක සත්තුවත්තට නම් ගිහින් තියෙනවා "

ඉනාට ලොකු දුකක් දැනුනා අම්මව මතක් වෙලා . ජන්ග්ටත් ඒක තේරුනා. මොහොතක් කල්පනා කල ඔහු මීලියා දෙසට හැරුනා.

" මේ..... මිලි අපි යමුද ලියෝන් ලයි ගෙවල් පැත්තෙ ගිහින් එන්න "

" ආහ්.... ඒක කොච්චර හොඳයිද . අපි කාලෙකින් එහෙ ගියේ නෑ නේද ? ඉනාට අලුත් යාලුවො ටිකක් හම්බවෙයි එහෙදි "


" මොන යාලුවොද ආච්චි "

"එන්නකෝ අපි ගමනක් යමු . මේ කැලේට එහා පැත්තෙ ලොකු ගඟක් තියෙනවා . ඒ හරියෙ මගෙ යාලුවෙක් ඉන්නවා . අපි එහේ යන්නෙ . ඔයාලා ඉක්මනට ලේස්ති වෙන්නකෝ "

" අපි කැලේ මැදින්ද යන්නෙ සීයා "


" අපොයි නෑ ඉනා .... ඒ කාලෙනම් ගියේ කැලේ මැදින් තමයි . ඒත් දැන් ඔය කැලේ ගස් ගල් උඩින් යන්න මේ නාකි අපිට බෑ . අපි මගෙ වාහනයේ යමු . එහේ ඔයාට යාලුවෝ ගොඩක් ඉන්නවා . ඔයාට පුලුවන් එයාලත් එක්ක කැලේ ඇවිදින්න යන්න . පීනන්න යන්න "


"ඒක නම් නියමයි "

ඉනාට ලොකු සතුටක් දැනුනි. ඔවුන් කෙලින්ම නගරයට ගොස් එතනින් වම් පසට තිබූ පාරක ගමන් ගත්තේය.

එහි ටික දුරක් ගිය ජන්ග් මාර්ගයේ දකුණු පැත්තට තිබූ අතුරු පාරකට වාහනය හැරවීය.

එය පටු අබලං මාර්ගයකි. වැස්ස නිසා පාරේ තිබූ වලවල් වල මඩ වතුර පිරී තිබුනි. විනාඩි කිහිපයක දුශ්කර ගමනකින් පසු ඔවුන් ගමනාන්තයට ලඟාවිය.


" වාව්.........."

සෙනා දඩිබිඩියේ වාහනයෙන් බැස්සේ තමන් දකින්නේ සිහිනයක්ද සැබෑවක්ද කියා සැක නැති කර ගන්න.

Memories { Endless Love session 2} || JJK / KTHWhere stories live. Discover now