කවුරුත් බලාගෙන හිටියෙ මගේ දිහා. ඒත් මං බලාගෙන හිටියෙ ටේහියුන්ග් දිහා. මට හිතාගන්න බෑ ටේහියුන්ග් ට මොනවා වෙලාද කියලා. එයාට තිබුනා මාත් එක්ක කතා කරලා ප්රශ්නය විසඳගන්න. ඇයි එයා අර විදියට හැසිරුනේ......
ඉනාය ගොඩාක් දුක හිතුනා . මං මෙච්චර එයාට ආදරය කරද්දීත් එයාට කොහොමද පුළුවන් වුනේ මාව සැක කරන්න.
තවත් එක් වරක් ටේහියුන්ග් දෙස බැලූ ඉනා කැලය දෙසට පියමැන්නා.
අසරණ කමේ පතුලටම වැටී සිටි ටේහියුන් ට ඉනා සමඟ කතා කිරීමටවත් ශක්තියක් තිබුනේ නෑ. ඔහු නිහඬව ඇය යන දෙස බලා සිටියා.
" මොකක්ද තාත්තෙ මේ වෙන්නෙ. කවුද අර ආවෙ ? ඇයි ඔයා එයාට එච්චර බය උනේ "
අවස්තාවක් ලැබූ විගස ටේයොන් මින් ගෙන් ඇහුවා. ඔහු සිටි තැනම බිම හිඳගෙන කතාව පටන්ගත්තා.
" ඒ ආවෙ අඳුරු රාජධානියේ අනාගත උරුමක්කාරයා.. ජියොන් ජන්කුක් යුවරජතුමා. ඔහු තමයි අපේ පාලකයා. එයා දැන් රජ පවුලෙන් වෙන්වෙලා ඉන්නෙ.
මීට අවුරුදු ගානකට කලින් අපෙන් ලොකු වැරැද්දක් උනා. ජියාගෙ දෙමව්පියෝ මගේ හොඳ යාලුවො. ඒත් එයාලා හොඳ අය නෙවෙයි.
එක අමාවක දවසක අපිට වැම්පයර් කෙල්ලෙක් මුණගැහුනා. එයාලා සාමාන්‍යයෙන් හඳ නැති දවසට එලියට එන්නෙ නෑ. මොකද එදාට එයාලා එදාට ගොඩක් දුර්වල වෙනවා. ඒත් මොන කරුමෙකටද මන්දා මේ කෙල්ල එලියෙ ඇවිදිද්දි අපිට හම්බවුනා.ඉතින් ඒ අවස්තාවෙන් ප්‍රයෝජන අරගෙන ජියාගෙ අම්මයි තාත්තයි අර කෙල්ලව මරලා දැම්මා. මං එයාව මරන්න සම්බන්ද උනේ නෑ. හැබැයි මම එයාව බේරගන්න හැදුවෙත් නෑ. මං කලේ පැත්තකට වෙලා බලන් හිටපු එක.
උන් දෙන්නා අර කෙල්ලගෙ ඇඟ කීතු කීතු වලට ඉරලා දැම්මා. අන්තිමේ එතනින් යද්දි මං නිකමට අර කෙල්ලගෙ විනාශ උනු ඇඟ දිහා බැලුවා. එතකොටයි මං අපි කරපු අපරාදය දැක්කෙ.
ඒ එලියට පැනපු බඩවැල් අතරෙ පුන්චි දරුවෙක්ගෙ ඇඟක් තිබුනා. තව මාසෙකින් විතර ඉපදෙන්න හිටිය දරු පැටියෙක්. මට මගේ දරුවො මතක් උනා. මට ඒ උනු අපරාදෙ නවත්තන්න තිබුනා නේද කියලා දස දහස් වාරයක් සිතින් පසුතැවුනා.
YOU ARE READING
Memories { Endless Love session 2} || JJK / KTH
Fantasyඔහු දුන් චිත්රයේ විශාල කළු හා සුදු වෘකයින් දෙදෙනෙක් මුහුණට මුහුණ බලා සිටී. ඊට යටින් ඔහු මගේ දෙතොල් සිපගන්නා ආකාරය සිතුවම් කර තිබුනි. ජන්කුක් ගේ ඔටුන්නේ තිබූ දියමන්තිය නැවතත් නිල් පැහැයෙන් දිලිසෙමින් තිබුනි......... අවුරුදු කිහිපයකට පසු කොහේදෝ තැ...