💖 පළමු දිගහැරුම 💖

1.7K 215 47
                                    

💖 BAD HUBBY 💖

..

..

..

කරදර පමණක්ම මාගේ දිවියට
එන්න ගත්තේ කිමද..
දරාගෙන මේ තරම් දුරක් මට
එන්නට උනේ ඇයිද..
පුංචි සහෝදරිය ගුලි පපුවට
තනි වුනේ කිමද..
ඇය නොවේද සිටින්නෙ මට
සැනසීමක් කියා එකම..

..

..

..

නංගි බබා.. නංගි බබා... ඔයා ලෑස්තිද අප්පා....

ඉන්න ඉන්න චූටී... අනේ මන් තාම මේ කොණ්ඩෙ ගොතනවා...

පරක්කුයි මැට්ටියේ.. කෝ එනවා මන් ගොතලා දෙන්න....

නංගි බබාගෙ චූටී... එහෙමත් නැත්තම් පවුලෙ වැඩිමල් පුතා.. වන්ග් යීබෝ... උදේ ඉදන් කුස්සියට ඔට්ටු වෙලා නංගිට කෑම එකත් ලෑස්ති කරවලා වෙලාව බල බල කෑ ගහන්නෙ මේ පරක්කු වෙන නිසා...

 උදේ ඉදන් කුස්සියට ඔට්ටු වෙලා නංගිට කෑම එකත් ලෑස්ති කරවලා වෙලාව බල බල කෑ ගහන්නෙ මේ පරක්කු වෙන නිසා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

තව ටිකක් පරක්කු උනොත් නම් බස් එක අල්ල ගන්න වෙන එකක් නෑ..

මේ කෙල්ලට කොච්චර වත් කියනවා ඔය කේශ කලාපෙ කපා ගනින් කියලා.. මොකටද අප්පා දැම්ම දිග කොණ්ඩයක්... විකාර... නංගි බබා මෙහේ එනවකෝ.. පරක්කුයි අප්පා....

යීබෝ නංගිගෙ කෑම එක බෑග් එකට දාලා එයාටත් කොටසක් පාර්සල් කරලා නංගිට දවල්ට කන්නත් කොටසක් ඉතුරු කරා... රෑට ඉතින් කෙල්ල පොඩියට මොනවා හරි හදාගෙන කනවා.. නැත්තම් අයියා එනකල් කියලා බලාගෙන ඉදියොත් කෙල්ලට මහ පාන්දර තමයි කාලා නිදාගන්න වෙන්නෙ....

ඉක්මනින් ගොතන්න චූටී..

ඉක්මනින් ගොතන්න තමයි.. මෙන්න මේ නැට්ට කපලා දාපියකො.. මල කරදරේනෙ... ගොතන්නම හැට පැයක් යනවා...

༺ 🅱🅰🅳 🅷🆄🅱🅱🆈 ༻                                             ✓Where stories live. Discover now