💖 තෙවන දිගහැරුම 💖

981 185 37
                                    

B A D H U B B Y

..

..

..

අනේහ්...

ඉන්න කකුල අමාරුයිනෙ....

කාමරෙන් එලියට නම් යීබෝට එන්න ලැබුනෙ නෑ.. මේ යකඩ ගිලලා ඉන්න මනුස්සයා යීබෝව උස්සලා ගත්තා අත් දෙකට... යීබෝ දැගලුවා කරාට වැඩක් නෑ කියලා දැන් යීබෝ හොදාකාරවම දන්නවා...

ශියාඕ ජාන්... එයාගෙ පිටුපසින් එන එයාගෙ ගාඩ්ලාට යීබෝගේ බෑග් එක අරන් එන්න කිව්ව නිසා දැන් ඒ බෑග් එකත් ඒ මනුස්සයෙක්ගෙ අතේ තියෙනවා යීබෝ දැක්කා...

ඇයි.. ඔයා ඇයි මෙහෙම කරන්නෙ.. බැලූ බැල්මෙන්ම ඔයා ගොඩක් පෝසත් මනුස්සයෙක් කියලා පේනවා.. ඒත් මන් වගේ දුප්පත් කෙනෙක්ව ඔයා ඇයි මෙහෙම උස්සන් යන්නේ.. ඇයි ඔයා මාව බලහත්කාරයෙන් අල්ලන්නෙ.. ඉබින්නෙ ඇයි.. ඔයාට මොකක්ද එහෙම කරන්න තියෙන අයිතිය.. අර ක්ලබ් කාරයට සල්ලි දුන්නට ඔයාට බෑනේ මාව එහෙම අයිති කර ගන්න.. මට කියනවා මනුස්සයෝ මොන අයිතියකටද ඔයා මෙහෙම කරන්නෙ මට....

අයිතියක් මන්ම හදාගන්නම් චූටී මැණික.. ඊට කලින් අපි යමු..

කොහෙද මනුස්සයෝ මාව මේ අරන් යන්නෙ...

හතර අතේ මිනිස්සු ඉදියත් ඒ මිනිස්සු නම් මේ දේවල් බලන්නෙ නෑ.. බීලා බීලා මත් වෙලා සමහරු බිමත් වැටිලා.. සමහරු එයාලගෙ ලෝක වල තනි වෙලා.. එතකොට යීබෝ.. එයා දන්නෙවත් නැති මනුස්සයෙක්ගෙ අත් දෙක උඩ...

මට නංගි ගාවට යන්න දෙන්න...

හරි.. එක්ක යන්නම්.. දැන් කට වහන් නිදාගන්න...

මට බෑ.. මන් මොකටද නිදාගන්නෙ.. ඇයි ඔයාට බයද මන් පාර මතක තියන් ඉදලා පැනලා යයි කියලා..

පාර ඕන්නම් ඔයාට මන් සිතියමක උනත් ඇදලා දෙන්නම්.. ඒත් පැනලා යන්න නම් හම්බෙන්නෙ නෑ ඔයාට..

ජාන්.. එයා යීබෝගේ හිතේ පොඩි හරි බලාපොරොත්තුවක් තිබ්බා නම් පැනලා යන්න.. අන්න ඒක නැතිම කරලා දාලා කතා කරන්නේ... ජාන්ගෙ නම් කට කොනක තිබ්බා අමුතු හිනාවක්....

අනේ...

නාඩා නිදියන්න චූටී මැණික.. දවසෙම මහන්සි වෙලා නේද ඉන්නෙත්...

༺ 🅱🅰🅳 🅷🆄🅱🅱🆈 ༻                                             ✓Where stories live. Discover now