💖 සිව්වන දිගහැරුම 💖

921 185 67
                                    

B A D H U B B Y

..

..

..

දෙයියනේ නංගි බබා...😱🥺

දොරේ අගුල කැරකෙව්වත් යීබෝ හරි දෙගඩියාවෙන් මේ කාමරේ අස්සට හිස පෙව්වේ.. කියන්න බෑනේ.. අර යකඩ යකා කරන්නෙම සප්‍රායිස් වෙන වැඩනෙ.. අර කාමරේදි දොරවල් ඇරලා ටෙඩියෝ ඇගට වැටුනා වගේ කවුද දන්නෙ මෙතනදි මොන මරාලයක් ඇගට කඩා පාත් වෙයිද කියලා..

ඒනිසා යීබෝ ඔලුව ඇතුලට දාලා බැලුවෙම දෙගඩියාවෙන්.. ලා දුබුරු පාට දොරෙන් ඇතුලට ඔලුව දාපු යීබෝට එයාගෙ හුස්ම වත් ගන්න අමතක වෙලා ගියා තත්පර ගානකට...

තමන්ගෙ පුංචි නංගි බබා.. එයා එයාලගෙ අම්මා තාත්තා නැති උනාට පස්සෙ යීබෝ ලගම විතරක් දැවටෙන නංගි බබා.. යීබෝගේ පණ කිව්වොත් හරි ඉතින්...

වෙනදට යීබෝට තුරුල් වෙලා ඉන්න පුංචි කෙල්ල අද අර යකඩ යකාට තුරුල් වෙලා ඒ පපුවටත් අතින් ඇන ඇන මොනවාද මන්දා කියෝනවා...

ඒ දෙන්නට වගේ වගක් නෑ යීබෝ කාමරේට ආවද කියලා වත්.. හයියෙන් හයියෙන් කතාවක් යනවා කියලා නම් යීබෝටත් තේරුනා...

තමන්ගෙ නංගි තමන්ටත් වඩා මේ පිට මිනිහෙක්ට ඇලිලා ගැලිලා ඉන්න එක නම් ඕනම අයියෙක්ට ඉවසන් ඉන්න අමාරු වැඩක්.. යීබෝට කියලත් ඉතින් මහ වෙනසක් නෑ.. පුදුමාකාර තරහක් ඇගට ආවා...

යකඩ යකාගෙ ඔලුවට තඩි යකඩයකින්ම ගහනවා කියලා හිතුනත් මේ කාමරේ කොයින්ද යකඩ...

උප්ස්.. මේක කාමරයක්ද...

නැත්තම්

සුරංගනා ලෝකයක්ද...

මේක යීබෝ කලින් ගිය කාමරේට වඩා පොඩ්ඩක් පොඩි ඇති ඕන්නම්.. කාමරේ බිත්ති සුදු හා රෝස පැහැ වර්ණයන්ගෙන් මිශ්‍ර වෙලා තිබුනා... කාමරේ කොණක විසල් ඇදක්... ඒ ඇදේ වටේටම ඉදියෙ නොයෙක් නොයෙක් පාට වල ටෙඩීස්ලා.. පුදුම තරම් ලස්සනයී...

ඇත්තටම නංගි බබා ඉස්සර කියවන සුරංගනා කතාවල කුමාරියොන්ගෙ කාමරයක් වගේ මේකත්..

පොත් මේසයක් තිබ්බා.. ඒකේ දැනටමත් තියෙන්නෙ නංගි බබාගෙ ඉස්කෝලේ පොත් පත් කියලා යීබෝට තේරුනේ තමන්ම කවර දාලා දුන්න කෙල්ලගෙ අච්චු පොත් දැකලා...

༺ 🅱🅰🅳 🅷🆄🅱🅱🆈 ༻                                             ✓Where stories live. Discover now