💖 දෙවන දිගහැරුම 💖

1K 188 34
                                    

💖 BAD HUBBY 💖

..

..

..

මොනවද ඕනා සර්...

යන් මන් එක්ක.. මට ඕනේ ඔයාව...

මො..මොකක්ද..😳😳

..

..

අද එතැන් සිට..

මොනවද මේ මනුස්සයා කියවන්නෙ.. මාව ඕනා කියන්නෙ.. මේ යකාගෙ ඔලුව හොද නැති වෙලාද...

පිස්සු හැදිලද...

යීබෝ එයාගෙ මැණික් කටුව ලගින් තදට රිදෙන්න අල්ලන් ඉන්න මනුස්සයගෙ මූණටම තදින් ඇහුවත් යීබෝගෙ රැවිල්ල සත පහකට මායිම් නොකර ඒ මනුස්සයා යීබෝවත් ඇදගෙනම ටිකක් දුරට ඇවිදන් යද්දි යීබෝ කොච්චර බ්‍රේක් කරත් වැඩක් නෑ.. ඒ මනුස්සයට තියෙන්නේ පුදුම හයියක්නෙ...

අතාරිනවා.. අතාරිනවා මනුස්සයෝ මාව අතාරිනවා.....

දෙනෝ දාහක් සෙනග අතරේ ඒ මනුස්සයා මෙතන වේටර් කෙනෙක් වෙච්ච යීබෝව ඇදගෙන යද්දි කවුරුත් කිසිම ගානක් නැතුව හිටියා.. ඒ මිනිස්සුන්ට ඉතින් මත් වුනාට පස්සෙ තව මනුස්සයෙක් ගැන හිතන්න හොයන්න බලන්න කොයින්ද සිහියක්....

ඒත්‍ යීබෝ එක්කම වැඩ කරපු කොල්ලා නම් යීබෝ ලගට දුවගෙන ආවා..

යීබා... මොකද බන් මේ...

අනේ අයියා.. මාව බේරගන්න මේ මිනිහා කවුද කියලා මන් දන්නෙවත් නෑ....

මේ සර්....

යීබෝගේ බය මුසු හඩ ඇහෙද්දි ඒ කොල්ලා යීබෝ වෙනුවෙන් ඉදිරිපත් වෙන්න දෙපාරක් හිතුවෙ නෑ.. යීබෝ කියන්නෙ අහංකාර උනත් අහිංසක කොල්ලෙක් කියලා මෙතන ඉන්න ඕනම කෙනෙක් දන්නවා...

ඔව්... ඇයි මොකක්ද තමුන්ට දැනගන්න ඕනේ දැන්....

අහ්....

යීබෝ දැක්කෙ තමන්ගෙ දිහාවටයි අර කොල්ලගෙ දිහාවටයි සැර බැල්මක් දාන ඒ මනුස්සයව..  එයා ඇයි මෙච්චර නපුරුපාට.. හරියට යීබෝ එයාට කරදරයක් කරන්න ඇවිල්ලා වගේනේ මේ මිනිහා හැසිරෙන්නෙ...

සර් ඔයා කාලා බීලා නම් ඉන්නෙ පාඩුවෙ ගෙදර යන්න සර්.. මෙතන වැඩ කරන අහිංසක මිනිස්සුන්ව ඇදන් යන්නෙ නැතුව...

༺ 🅱🅰🅳 🅷🆄🅱🅱🆈 ༻                                             ✓Where stories live. Discover now