හැමදාම වගේ අපි අදත් ඇවිද්ද හිම වලින් වැහිලා ගිය මාවතේ . හැබැයි අද විශේෂ දවසක් . ඔව් අපි දෙන්න මුණගැහුණේ අද වගේ දවසක . ඉතින් ජිමින් එක්ක මං එදා වැටුණ තැනට ගියා . එදා නම් අපි දෙන්නා විතරයි ඒත් දැන් තුන් දෙනෙක් ." අයියෝ දෙවියනේ ජිමින් එදා මාව වැටුණ හැටි " මට ඒක මතක් වුණ සැරයක් ගානේ ආපහු පාරක් හිනා ගියා .
" මට නම් එදා ඒ වැටුණ කෙල්ලව පෙනුනේ හරියට පොඩි පෙන්ගුයින් කෙනෙක් වගේ . කලු සුදු පාටින්නේ ඇදගෙන ඉඳියේ .හරිම cute " ජිමින් ආයෙත් සැරයක් හිනාවෙවී කියද්දී මට ඒ මූණ දැකපු මුල් දවස මතක් වුණා .
" ඔයා එදා ඇදගෙන ඉඳියේ අලු සුදු පාට ඇඳුම් වලින් ... මට ඔයාව පෙනුණේ පාත්ත පැටියෙක් වගේ " මක් එහෙම කියද්දී ජිමින් මාව බදාගත්තා .
" දෙන්නේ එකක් මං හහ් පාත්ත පැටියා ... එදා ඔයාට පුදුම හදිස්සියක්නේ තිබුණේ ... දිව්ව හැටි ... නියම පෙන්ගුයින් " ජිමින් හිනාවෙලා කියද්දී මට ඒ දවස ආයෙත් ආයෙත් මතක් වුණා .
මට එක පාරටම කිවිසුමක් ගිය ගමන්ම ජිමින් " අපි යමු දැන් " ජිමින් එහෙම කියනවත්ම මට දැනුණේ මාව විසික්වෙලා යන හැටියි . විසික් වුණ මාව පාරේ කෙලවරකට වැටෙද්දී ජිමින් මට ටිකක් එහාට වෙන්න ලේ පෙරාගෙන බිම වැටුණා . මට මගේ ඔලුව අල්ලද්දී උණුසුම් දෙයක් අතේ ගෑවෙනවා දැනුණා .
මගේ අතේ ලේ තිබුණා....මට දැනුණා මගේ සිහිය නැති වෙන්න වගේ එනවා . ඒත් මං දැක්කා ජිමින් කඳුළු පිරුණු ඇස් වලින් මං දිහා බලන් ඉන්නවා . මං අමාරුවෙන් ජිමින් ළඟට මගේ බඩත් අල්ලන් ඇදි ඇදී ගියා . මං ජිමින්ගේ අත හයියෙන් අල්ලගත්තා.
එයා අමාරුවෙන් " ජීසූ ..... " එයා මගේ දිහා බලන් අමාරුවෙන් වචන කරද්දී මං කවදාවත් එයාට වචනෙන් නොකියපු දේ " ජිමින් .... I love you " මට සිහිය නැතිවීගෙන එන මොහොතේ කියන්න ඕනි වුණේ එච්චරයි ...
/////
ජිමින් ජීසූ එතනට ambulance දෙකක් ඇවිත් අරන් ගියත් ජිමින් ambulance එක ඇතුලේදිම එයාගේ අවසන් හුස්ම හෙලුවා . . ජීසූ hospital එක ඇතුලට ගිහින් ටිකකින් තමන්ගේ අවසන් හුස්ම හෙලුවා වගේම ඔම්මයි අප්පයි නැතුවා ජිමින්ගෙයි ජීසුගෙයි දරුවා උපත ලැබුවා ... Accident එක ගැන දැනගත්ත පවුලෙ අය එද්දී තමන්ගේ දරුවන්ගෙ වස්තුව විතරයි ඔවුන්ට ඉතුරු වුණේ අවසානෙට . ජීසුට පොරොන්දු වුණා වගේම ජන්කුක් ජීසූගේ දරුවට නම තිබ්බා ඒ ජිමින්ගෙයි ජීසුගෙයි නම් දෙක එකතු කරලා පාර්ක් මින්සූ ලෙස .. මෙන්ම ඇයගේ පියා ලෙස ඔහු ඇයව හදාගන්න තීරණය කළා මුළු ජීවිත කාලය පුරාම .
ශීත සෘතුවෙන්ම ඇරඹි ආදරය
ශීත සෘතුවෙදීම අවසන් වූවා
එයත් ,
ඔවුන් හමුවූ තැන සිටම .ඉතින් දෙහදකගේ ආදර කතාවේ අවසානය මෙයයි .
සෑම විටම අපට අමතක වුණ එක දෙයක් තිබුණා.... ශීත කාලයට පස්සේ ආපහු පාරක් වසන්තය එනවා තමයි ඒත් , වසන්තය ඇරඹී වසරේ අවසානය නැවතත් ශීත සෘතුවකින්ම අවසන් වන බව .....
★සමාප්තයි★
~~~~~
ශීත සෘතුවේ
මා හටත් හමු වූවා
උණුහුම් පපුවක්
එය පුරාම පිරී තිබූයේ ආදරයම පමණයි
වෙන කාන්තා හිතකට
ඉරිසියා හිතෙන තරමටම
ඉතින් කවදාවත් නොකී ඒ වදන පවසන්නම් ,
මේ ශීත සෘතුවේ අප මුණගැසුණු තැන සිටම
මාගේ අවසන් හුස්ම හෙලීමට පෙරම ,
I love you .~~~~~
A/N එක බලන්න 🙂💜
![](https://img.wattpad.com/cover/320708432-288-k649558.jpg)
YOU ARE READING
ℐ ℒℴ𝓋ℯ 𝒴ℴ𝓊 |KJ || GxB✔
Fanfictionශීත සෘතුවේ මා හටත් හමු වූවා උණුහුම් පපුවක් එය පුරාම පිරී තිබූයේ ආදරයම පමණයි වෙන කාන්තා හිතකට ඉරිසියා හිතෙන තරමටම ඉතින් කවදාවත් නොකී ඒ වදන පවසන්නම් මේ ශීත සෘතුවේ අප මුණගැසුණු තැන සිටම මාගේ අවසන් හුස්ම හෙලීමට පෙරම I love you . ( Coverd bu Armygirl9...