Spring season එකෙත් අවසානෙට ළං වෙලා summer එකත් අරන් ආවේ උණුසුම් සුළං රැලිත් මගේ ඇඟේ ගෑවෙමිනුයි .මං ගල් අල්ලපු පාර දිගේ ඇවිදන් ගියේ උණුසුමද නොතකමිනි .
මං ගල් පඩිපෙළත් බැහැගෙන තව ටික දුරක් ඇවිදන් ගිහින් නැවතුණේ ජිමින්ගේ restaurant එක ඉස්සරහා. මං ඇත්තටම පළවෙනි වතාවට මෙතනට එයා එක්ක නැතුව තනියම ආවේ . මං ඇතුලට යද්දී සේවකයෝ මට ආචාර කරද්දී මාත් හිනාවෙලා ආචාර කරන ගමන් ජිමින් ඉන්න office room එකට ගිහින් දොර ඇරලා ඔළුව දාද්දී ජිමින් මේසෙට ඔළුවත් තියන් phone එක අතින් අල්ලන් ඉන්නවා .
මං දැක්කා phone එකේ screen එකේ තියෙන්නේ මගේ photo එකක් . මං හිනාවෙලා ළඟට ගිහින් පාත් වෙලා කන ළඟට ළං වෙලා " මෙතන බොස් නිදාගෙන හරියනවද ම්ම්ම් සේවකයෝ පණ දාගෙන වැඩ කරද්දී . " මං එහෙම කියද්දී එයා ඇස් දෙකත් ඇරන් මං දිහා බලන් හිනාවෙලා " sweetheart ඔයා ආවේ කොයි වෙලාවෙද ? මගේ ඔලුව රිදෙන නිසයි ටිකක් ඔලුව තියාගත්තේ "
මහන්සිපාට මූණකින් එයා එහෙම කියලා ලා වට හිනාවෙනකොට මගේ හිතට අමුතු බරක් දැනුණා .ඒ වේදනාව මටත් දැනුණා වගේ ... " යමු hospital එකට " මං එහෙම කියන ගමන් දොර ළඟට යද්දී ජිමින් නැඟිටලා ඇවිත් " මට අමාරුවක් නෑ babe මේ මං හොඳින් " එහෙම කියද්දී මං " නෑ මට අමාරුව තියෙන්නෙ .මං කියනවට එනවකෝ පඬියා නොවී . "
එයා තව සේවකයෙක්ට කියලා මාය්හ් එක්ක hospital එකට එද්දී මං doctor කෙනෙක් ළඟට ගිහින් කථා කරද්දී ඒ ටික අහන් ඉඳපු ජිමින් කටත් ඇරන් මං දිහා බලන් ඉඳියා .
මං ජිමින් එක්ක එලියට එද්දී " මං එතකොට දැන් අප්පා කෙනෙක් .... මං එතකොට දැන් අප්පා කෙනෙක් ... "
" ජිමින් මොකද මනුස්සයෝ මන්තර මතුරනවා වගේ ඕක කියවන්නේ " මං හිනාවෙද්දී " මට හිතාග්ස්න්න බෑ . මට ගොඩක් සතුටුයි . ආආආහ් දෙවියනේ " ජිමින් පොඩි එකෙක් වගේ උඩ පනින ගමන් කියලා මාවත් වඩාගෙන වටයක කැරකුවේ hospital එකේ nurse ලා පවා මේක දැකලා හිනාවෙවී යද්දී .
මං pregnant වුණා කියලා දැනගත්ත දවසේ ඉඳන් මට හෙල්ලෙන්න ලැබුණේ නම් නෑ . කොටින්ම කිව්වොත් මට දුවන්න බෑ පනින්න බෑ පාරේ තනියම යන්න බෑ කඩකෑම කන්න බෑ . ඕවා තමා ඉතින් කඩ කෑම වෙනුවට එයා ගෙදර ඉඳන්ම එක එක කෑම වර්ග හඳලා දුන්නා .
හැමදාම එයා එනකන් සුළඟත් එක්ක නාද වෙමින් තියෙන winchain එක දිහා බලන් බලන් ඉඳියා ...
balcony එකේ තිබුණ swing chair එකේ ඉඳන් ඒ දිහා ඔහේ බලන් ඉඳියා .
මං එහෙම ඉද්දී ටිකෙන් ටික නින්ද මගේ ළඟට එද්දී මං නිදාගත්තා .
.
.
මං දන්නෑ මං කොච්චර වෙලා නිදන් ඉඳියද කියලා . ඒත් මං නැගිටලා බලද්දී මං ඉඳියේ ඇඳ උඩ . ඒ වගේම balcony එකත වහලා දාලයි තිබුණේ . මං හිමින් සැරේ washroom එකට ගිහින් මූණ හෝඳන් ඇවිත් පහළට යද්දී ජිමින් dining table එකේ කැම ලෑස්ති කරලා තිබුණා මං දැක්කා .
මං එහෙන්මම බලද්දී දැක්කේ දැනටමත් රාත්‍රි හත පහුවෙලා . " මං පැය හතරක් නිදාගත්ත ද " මං එහෙම හිතන ගමන් අවුලින් පහළට බහිද්දී ජිමින් හිනාවෙලා මං දිහා බලද්දී මට ඇත්තටම අවුල් .
එයා මහන්සිවෙලා ඇවිත් ගෙදර කෑම හදනවත් එක්ක . ආයි නම් නිදාගන් නෑ එහෙම .
මං ළඟට ගිහින් ජිමින්ට " මියානෙහ් " " ඒයි පිස්සි මොකෝ මේ ..... මං අද කලින් ආවා ඔයා නිදි නිසා මං සද්ද නොකර ඉදියා . පැය තුනක් විතර නිදාගත්තා නෙහ් හොර කෙල්ල . මෙහෙ එන්නයි කිව්වේ . කාලා මගේ කෑම ටික කොහොමද කියන්නකො බලන්න " මට විහිලුවෙන් සැර කරපු එයා කිව්වේ එච්චරයි .
හැමවිටම ඔහු ඇයව තේරුම් ගත්තත් , සැබෑ ලෝකය එලෙස ජිමින් මෙන් තේරුම් ගන්න අයෙක් සිටීවිද ? ගොඩක් වෙලාවට තනිකම දරාගන්නවා ඇරෙන්න ...
~~~~~~~
කතාවේ නොටිෆිකේෂන් යන්නේ නෑ අප්පා .. :(
YOU ARE READING
ℐ ℒℴ𝓋ℯ 𝒴ℴ𝓊 |KJ || GxB✔
Fanficශීත සෘතුවේ මා හටත් හමු වූවා උණුහුම් පපුවක් එය පුරාම පිරී තිබූයේ ආදරයම පමණයි වෙන කාන්තා හිතකට ඉරිසියා හිතෙන තරමටම ඉතින් කවදාවත් නොකී ඒ වදන පවසන්නම් මේ ශීත සෘතුවේ අප මුණගැසුණු තැන සිටම මාගේ අවසන් හුස්ම හෙලීමට පෙරම I love you . ( Coverd bu Armygirl9...