F.O.R 2 - Dear diary

11 3 0
                                    


2019.12.24

~ ආදරණීය දින පොත ~

අද අවුරුදු 5කට පස්සෙ මගේ පුංචි කාලෙ යාලුවො ටික මුණ ගැහුනා මට.

අපි කාලෙකින් හම්බුනේ නැති නිසා christmas  එකට get together එකක් ඕගනයිස් කරා. 

චූටි කාලෙ මගෙ යාලුවො ගොඩාක් ඇවිත් හිටියත් මට සමහර අය අදුන ගන්න බැරි උනා .එයාලා ගොඩක් ලොකු වෙලානෙ අනෙ.

ආශ් ඔව් ඉතිම් මං විතරක් ලොකු වෙලා එයාලා තාම චූටියට ඉන්න විදියක් නෑනෙ.

මට මගේ පොඩි කාලෙ හිටපු හොදම යාලුවො දෙන්නා දිනාෂියි සචිදුයි දෙන්නවම හම්බුනා.

දිනාෂි නම් දැක්ක ගමන් දුවගෙන ඇවිත් මාව බදාගත්තා. ඒත් සචිදුට නම් මාව මතක තිබ්බෙ නැ. මං හිතුවෙ මගෙ පෙනුම වෙනස් නිසා කියලා.ඒත් නම කියුවත් එයාට මතක් උනේ නෑ.

සුට්ටක් විතර දුක හිතුනත් මං ඒක ගණන් ගත්තෙ නැත්තෙ අවුරුදු 5කින් දැකපු නැති කෙනෙක් අමතක වෙන එක සාමන්‍යයි කියලා.

සචිදුටත් අවුල් ගියා මං හිතන්නෙ එයාට මාව මතක නැති උන නිසා. ඒ නිසා එයා හිනා වෙලා මට එයාගෙ ෆෝන් නම්බර් එක දුන්නෙ අපි ආයෙ යාලුකමක් හදගමු කියලා.

කෝම හරි කාලෙකින් හම්බුන යාලුවො එක්ක මං ගොඩක් එන්ජෝයි කරා.

මට මහන්සි ගොඩක්.මගෙ කකුල් දෙකයි කොන්දයි කැඩිලා වගේ රිදෙනව හීල්ස් දෙක දාගෙන වැනි වැනී නටලා. ඒ නිසා මං දැන් නිදාගන්නවා.

අද හොද දවසක් .




.

.

.

.

.

කියවන හැමෝටම ආදරෙයි.කමෙන්ට් එකක් දානවා නම් තවත් ආදරෙයි හුම් 💕🌷


Angel__Lily =)

FaKe oR rEaL 🌷( ආදරණීය දිනපොත)Where stories live. Discover now