"බබා ඔයා මොකද කරන්නෙ පාන්දර දෙක හමාරට ලයිබ්‍රි එක අස්සට වෙලා "
නිශේද්ගෙ සද්දෙට ලයිබ්‍රි එකට වෙලා පොතක් කුරුටු ගගා හිටපු ආශි ගැස්සුනා.
" අහ් ඔයා මාව බය කරා අනේ මොට්ටස්. මං පොතක් කියවනවා. මට නින්ද යන්නෙ නෑනෙ හුම්. "
නිශේද්ගෙ තරහ ගියපු මූන දිහා බලාගෙන ආශි අහිංසක mode එක අක්ටිවේට් කරන් කිව්වා.
හැමදාම වගේ ඉතින් නිශේද්ගෙ තරහ කොහෙන් ගියාද නෑ චුට්ටක් ඇස් දෙක නටවලා අහිංසක විදියට බලාගෙන කටත් හද හද කියන ආශිව දැක්කම.
" පිස්සු විකාරෙ මං කොච්චර බය උනාද කියල දන්නවද.මන් හිතුවෙ මොකෙක් හරි උස්සන් ගිහින් කියලා මගෙ චූටිව "
එහෙම කියන ගමන් නිශේද් එයාගෙ චූටි වයිෆ්ව වඩාගත්තා.
" ඔයානෙ ඉතින් හවස ඉඳන් නිදාගෙන ඉන්නෙ . මාව උස්සගෙන ගියත් දන්නෙ නෑ තමයි.මට නින්ද යන්නෙ නෑ බබී."
ආශිත් නිශීගෙ බෙල්ලෙ එල්ලෙන ගමන් කිව්වා.
"හරි හරි අනේ සොරි ඉතින්. කෝ යමු මං නිදි කරවන්නම් ඔයාව එහෙනම් "
ආශි ඉක්මනට ඔලුව දෙපැත්තට වැනුවෙ බෑ කියන්න. නිශේද් එහෙමම ආශිව උකුලෙන් තියාගෙන ලයිබ්‍රි එකෙන් වාඩි උනේ එයාගෙ වයිෆ් බෑ කියුවොත් බෑම තමයි කියලා දන්න නිසා.
" . මොකද්ද ඔයා කියවන පොත ඉතින් "
" ආ ..ඒක මගෙ යාලුවෙක් ලියුව පොතක් බබී. ඒකේ නම dear diary "
ආශි මේසෙ උඩ තිබුන පොත නිශේද් අතට දෙන ගමන් කිව්වා.
" ම්ම් ලස්සනයි . ඒක නෙමේ මැණිකේ, ඔයා බෙහෙත් බිව්වද ?"
නිශේද් අතේ තිබුණ පොතේ පිටු දෙකක් තුනක් පෙරලලා බලලා අහපව් මේසේ උඩින් තියන ගමන් ආශිගෙන් අහනකොට ආශි දත් තිස් දෙකම පේන්න හිනාවක් දැම්මා.
.
.
.
.
.
.
හේ ... මේකේ title එකේ dear diary කියලා තියෙන පාර්ට්ස් ආශි කියවන පොතේ වෙන දේවල්. එතකොට love කියලා තියෙන්නෙ එයාගෙ ඇත්ත ජීවිතේ වෙන දේවල්.💕🌷
Angel__Lily =)
YOU ARE READING
FaKe oR rEaL 🌷( ආදරණීය දිනපොත)
القصة القصيرة" සමාවෙන්න .මං හැමදේම කරේ ආදරේට , ඔයත් එහෙම වෙන්න ඇති. සමහර විට එහෙම නැතුවත් ඇති " Angel__Lily