2019.12.27
~ ආදරණීය දිනපොත~
සචිදු මට එයාගෙ ෆෝන් නම්බර් එක දුන්න දවසෙ ඉඳන් දවස් තුනක් තිස්සෙ විසි එක්කෝටි තිස් නවලස්ස වතාවටත් මං එයාට මැසේජ් එකක් දාන්න ගිහින් ආයෙත් ෆෝන් එක පැත්තකින් තිබ්බා.
මට එයාට මැසේජ් එකක් දාන්නත් ඕනෙ.ඒත් දාන්නත් බැ වගේ. එක අතකට මාව මතක නැති මනුස්සයෙක්ට මං මොකටද මැසේජ් දාන්නෙ.
ඒත් මං මැසේජ් එකක් දාලා එයාට ඉස්සර දේවල් මතක් කරොත් මාව මතක් වෙයිද?
මට පිස්සු හැදිලා වගෙ. ඇත්තටම මං සචිදුගෙ පිස්සු වැඩ වලට පොඩි කාලෙ ඉඳලම හරිම කැමති. එයා හරි හුරතල්, වෙලාවකට ගොඩක් ෆනී හරිම ෆ්‍රෙන්ඩ්ලි.
කවදහරි දවසක ආයෙත් එයාව මට හම්බෙනකම් ඉන්නවා.මැසේජ් දාන්න ඕනෙ නැ.
කෝමහරි සචිදුගෙ විකාරෙ ඉවරයි. දන්නවද අද දවසෙ උන දේවල් .
අද මගෙ අක්කගෙයි එයාගෙ බෝයිෆ්‍රෙන්ඩ්ගෙයි anniversary එක.
අයියා අක්කට ලස්සන ලොකූඌඌඌඌඌඌඋම ලොකු සෝස පාට ටෙඩියෙකුයි චොකලට් බොක්ස් එකකුයි ගිෆ්ට් කරා. අක්කත් අයියට ලස්සන වොච් එකකුයි කපල් එකක් ඉන්න ස්ටැචූ එකකුයි දුන්නා.
අනේ මටත් චොකලට් අරන් දෙන බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඕන.
.
.
.
.
.
.
.
.
හේ... කියවන හැමෝටම තැන්කූ 🌷💕ඔයාලා හිතන කතාව නෙමේ මේ. ඉවර වෙනකම් කියවලා බලන්න 💃
Angel__Lily =) .
YOU ARE READING
FaKe oR rEaL 🌷( ආදරණීය දිනපොත)
Short Story" සමාවෙන්න .මං හැමදේම කරේ ආදරේට , ඔයත් එහෙම වෙන්න ඇති. සමහර විට එහෙම නැතුවත් ඇති " Angel__Lily