taehyung

58 9 8
                                    

"ඩොක්ටර් කොහොමද රිපෝර්ට්ස්"

තමන් ඉස්සරහ හිටගන ඉන්න ඩොක්ටර්ගෙන් තේයොං ඇහුවේ ඇදේ වැතිරිලා නින්ද ගිහින් ඉන්න නෝරා දිහා බලාගන...

"දැන්නම් ටිකක් හොද වෙමින් තියෙන්නේ දැන් වීල් චෙයාර් එක ඕනේ වෙන එකක් නෑ එයාට හිමීට ඇවිදින්න දෙන්න..."

"ඇත්ත්ටම එයාට කවදාවත් ප්‍රෙග්නට් වෙන්න බැරි වෙයිද ඩොක්ටර්..."

තේයොං හැගීමකින් තොර මූනකින් ඩොක්ටර් දිහා බලාගන ඇහුවේ...
මූනට හිනාවක් ගත්ත ඩොක්ටර්

"අපි හිමීට බලමුකෝ... මන් පොරොන්දු වෙනවා පුලුවන් උදව්වක් කරනවා කියලා..."

"මට ඩොක්ටර් නෙමෙයි ජින් කියලා කතා කරන්න.."

ජින් හිනා වෙලා කියන ගමන් තමන්ගේ බෑග් එක ගත්තා..

"මන් යන්නම් වැඩියේ ස්ටෙස් වෙන්න එපා ඔබ තුමාත්..."

දැන් මාෆියා බ්ලැක් හෑන්ඩ් විදියට ඉන්නේ තේයොං නිසා ගරු කිරීමක් විදියට ඔලුව නමපු ජින් මේන් හව්ස් එකෙන් එලියට ඇවිත් එයාගේ වාහනේ නැගලා යන්න ගියා...







කාලය දවස් මාස ගෙවිලා ගියේ හරිම ඉක්මනින් තමන් හරියට වුන දේ නොදන්නවා උනත් නෝරට දැන් සනීප වෙලයි තිබ්බේ හැබැයි එයා දන්නේ නෑ එයාට කොච්චර දේවල් සිද්ද වෙලා තියන්වද කියලා...

"කෙල්ලේ අද ඔයා මාරම ලස්සනයි"

ඈත පේන මුහුද දිහා බලාගන අයිස්ක්‍රීම් එකක් කකා ඉන්න නෝරා ලගට ඇවිත් බැක් හග් කරන ගමන් මින්ජන්ග් මිමිනුවා...
නෝරත් උණුහුමට ගුලි වෙන ගමන් මින් ජන්ග් ගේ අත් දෙක තමන්ගේ එක අතකින් අල්ලගන්න ගමන් බෙල්ල සයිඩ් කරලා මූන් දිහා බැලුවා...

"ඒයි එපා..."

නෝරගේ තොල් උඩ ගෑවිලා තිබ්බ අයිස්ක්‍රීම් ටිකක් තමන්ගේ දිවෙන් රස බලපු මින්ජන්ග්ට කොනිත්තන ගමන් නෝර හිනා උනා...

එක පාරම කෙල්ලව අතෑරලා දාපු මින්ජන්ග් බිමින් ඉද ගත්තා...

"අනේ තරහද ආ..."

"තමුන්ට මන් මොකක් කලත් කියන්නේ එපා කියලා..."

"හපෝ කො කෝ මේ බලන්න.."

cheat revengers [PJM] (complete)✅Where stories live. Discover now