last part 1

78 11 10
                                    

කලබ් එකෙන් ඩ්‍රින්ක් වීදුරු දෙකක් බිව්ව ජිමින් එහෙන්ම ටිකක් වෙලා පෝන් එකෙන් ගහ ගත්ත මින්ජන්ග් එක්ක අනිත් ගෑනු කෙනා එක්ක ඉද්දි ගත්ත පොටෝ එක දිහා බලාගන ඔහේ කල්පනා කර කර ඉදියා...

ජිමින්ට දැන් ඩ්‍රින්ක්ස් ගන්න එක අමුතු දෙයක් නෙමේ...බොස්ටොන් ඉන්න කාලේ රොකිත් එක්ක හම තැනම රව්ම් ගහන නිසා...

ජිමින් ඉදියේ ගොඩක් කන්ෆියුස් වෙලා
එන්න එන්නම ඇස් දෙක රතු වෙද්දි

"මින්ජන්ග් කියන්නෙ mj.....ආර්ර්‍ තමුන් මහ මොඩයෙක් ජිමින් තමුන් කොමද නෝරව තනි කරේ....තමුන්ගේ තමයි වැරැද්ද හැම දේටම.තමුන් කොමද නෝරව ඌට දීලා බලන් හිටියේ......ආආර්ර්ර්..."

ලග තිබ්බ වයින් බෝතලයක් තල්ලු කරලා බිමට අතාරින ගමන් සල්ලි ටිකක් ටේබල් එක උඩට විසික් කරලා...පොටෝ එක නෝරගෙ පෝන් එකට සෙන්ඩ් කරන ගමන්...
එහෙන්ම කාර් එකට නැගලා ඔලුවත් හොලෝ ගන සෙන්ස් එකට එන ගමන් වාහනේ පාරට දාලා ටිකක් දුර යනවත් එක්කම ජිමින්ගේ වාහනේ ඉස්සරහින් කාර් එකක් නැවැත්තුවා...
ජිමින්ට කන්ට්‍රෝල් නැතුව ඔන්න මෙන්න තියලා නතර වෙද්දි...

ඒත් එක්කම ඒ කාර් එකේ දොර ඇරන් මින්ජන්ග් එලියට බැස්සා...
මින්ජන්ග්ගේ මූන දැක්ක ගමන් ජිමින්ට කේන්ති යද්දි ජිමින් දොර ඇරන්

"mj උබ...තෝව මම..."

බහින ගමන් කෑ ගහද්දි...

"අදුර ගත්තා නේද..."

"ඒක දැනගන්න කල් ගත්ත එක තමයි යකො මන් කරපු ලොකුම ගොන් කම..."

"ඒත් උබ පරක්කුයිනෙ..."

"මට තාමත් ඒ දේවල් හරි ගස්සන්න පුලුවන්....මින් ජන්ග්..."

"කෝමද මෙහෙමද..."

නෝරගේ පෝන් එකට ජිමින්ගෙන් ආපු පොටො එක පෙන්නන ගමන් මින්ජන්ග්(mj) හිනාවක් දැම්මා

"උබට කොහෙන්ද නෝරගේ පෝන් එක..."

"මන් හිතන්නෙ ඒක ඔයා දැන නොගන්න තරමට හොදයි එයාගේ හැම දේම මගෙනෙ මේක සුලු දෙයක්නේ..."

මින්ජන්ග් කට කොනෙන් හිනාවක් දාන් කියද්දි ජිමින්ගේ අත පයේ නහර ඉලිප්පෙන්න ගත්තා

cheat revengers [PJM] (complete)✅Where stories live. Discover now