"නාරී!!"
නාබිගේ කෑ ගැහිල්ලට නාරි ඇදෙන් වැටුණේ නැති ටික විතරයි..
"ඔන්නී! පිස්සු හැදිලද!!"
"බය වුණාද? සොරි බබා"
"බ- බබා? ඔයා හොදින් නෙ?"
"මට මොනා වෙන්නද අනේ"
"එහෙනම් කමක් නෑ"
නාරි කිව්වේ නාබිගෙ උඩ ඉදන්ම යටට බලන ගමන්..
"මේ... අද ටේ ඩිනර් අවුට් එකක් රෙඩි කරලා.. එයා ඔයාටත් ඉන්වයිට් කරා.. "
"අනේ මට නම් බෑ.. ඔය දෙන්නගෙ විකාර බල බල ඉන්නවට වඩා මට වැඩ තියේ.."
"කුකිත් එනව හැබැයි"
නාබි කිව්වේ එයාගෙ නියපොතු දිහා බල බල..
"ඇත්තට?"
නාරිගෙ ඇස් දෙක තිබුණේ දිලිසි දිලිසි..
"ඔව්.. ඒත් ඉතින් ඔයා එන්නේ නෑනේ.. කමක් නෑ.. මං එයාලට කියන්නම්.."
"ඒයි! එ- එක්කො මං එන්නම්.. මං ආවට මුකුත් වෙන්නෙ නෑනේ කොහොමත්.."
"දැන් ඉස්සෙල්ල එන්නේ නෑ කිව්වේ?"
"හිත වෙනස් වුණා.. හොද නංගි කෙනෙක් විදිහට ඔයාව මං බලාගන්නත් එපැයි.. මට තියෙන වැඩ ගොඩ!"
නාරි කිව්වේ ඩ්රැමටික් විදිහට හුස්මත් පිට කරන ගමනුයි..
"ඒකනේ නේද.. එහෙනම් හය වෙනකොට ලෑස්ති වෙලා ඉන්නකෝ.."
එහෙම කියපු නාබි නාරිගෙ රූම් එකෙන් එළියට ගියේ නාරි ගැන හිත හිත හිනාවෙවීයි..
නාබිත් එක්ක කෑමත් අරගෙන නාරි එහෙමම ගියේ කම්පැනි එකට.. දැන් කැමරා එක දකිනකොටත් කෙල්ලට තනියෙන් හිනා..
"සන්ග් හූනෝ ~ මොනාද ඔච්චර බලන්නේ ආ"
නාරි ඇහුවේ සන්ග්හූන්ගෙ ෆෝන් එකට එබෙන ගමනුයි.. මේ වෙනකම් එයා නාරි ආවා කියලා දන්නෙත් නෑ.. එච්චරටම ෆෝන් එකේ සිහියෙන් හිටියේ..
"ඔහ්.. නාරි ආවද?"
"ආවා තමා.. මොනාද අසිහියෙන් වගේ බල බල හිටියේ"
"හ්ම්ම්.. ඒක නෙවේ.. මොකෝ අද මූඩ් එක වෙනස් වෙලා.."
"ඇ- ඇයි.. මොකක් හරි අවුලක්ද"
YOU ARE READING
GOLDEN [JUNGKOOK FF]
Fanfictionසමහර මිනිසුන්ට පොරොන්දු දෙන්න ගොඩක් ලේසි ඇති.. ඒ පොරොන්දුවක වටිනාකම දන්නේ නැති නිසයි.. එයාලා නොදන්නවා වුණාට ඒ එක පොරොන්දුවක් තමන්ට ජීවත් වෙන්න තියෙන එකම හේතුව කරගත්තු මිනිස්සු ඕනි තරම් ඇති..නැත්නම් ඒ දුන්නු පොරොන්දුව අමතක කරන්න බැරි නිසාම නිහඩව විදව...