"ඒක හොයාගත්තද?"
"ත- තාම නෑ බොස්"
"තාම නෑ කියන්නෙ මොකක්ද අයිසෙ? ශිට්! තමුසෙලට ඒකවත් හරියට කරගන්න බෑනේ!! ඒක මොකෙක්ගෙ හරි අතකට ගියොත් වෙන්නේ මොනවද කියලා හිතුවද!? අපි ඔක්කොටම එකට තමා හිරේ ලගින්න වෙන්නේ! පන පිටින් ඉන්න ආසයි නම් මොන ලෝකෙන් හරි කමක් නෑ ගිහින් පෙන් එක හොයාගෙන එනවා; යනවා දැන් මගෙ දෑහට නොපෙනී!!"
"ඔ-ඕකේ බොස්!"
තාමත් ජීවත් වෙන්න ආසාවක් තියෙන නිසා ගාඩ්ස්ල ඉක්මනින්ම මෙතනින් යන්න ගියේ යුන්ෂික්ගෙ ඉවසීමේ සීමාව පනින්න කලිනුයි..
ලග තිබුනු පුටුවකට පයින් ගහපු යුන්ෂික්, සිගරට් එකක් දල්වගෙන දුම් පිට පිට කලේ තමන්ගෙ මනසෙ නොසන්සුන් බව පෙන්වමිනුයි..
සිගරට් එක බිම දාලා ඒක පාගගෙනම යුන්ෂික් ගියේ මේ අදුරු බිල්ඩින් එකේ බේස්මන්ට් එකටයි..
"තමුන්ට දැන් කොහොමද කොල්ලො?"
පුටුවක කකුලක් උඩ කකුලක් දාගෙන ඉදගෙන, කට කොනෙන් හිනාවක් රදවගෙන යුන්ෂික් ඇහුවේ තමන්ගෙ ඉස්සරහින් පේන අවුරුදු විසිගාණක පිරිමි ළමයා දිහා බලාගෙනයි..
"මූව ඇහැරවනවා!"
යුන්ෂික් කියපු සැණින්ම ගාඩ් කෙනෙක් ක්ලාන්ත වෙලා හිටපු පිරිමි ළමයට සීතල වතුර ගැහුවේ පිරිමි ළමයව ක්ෂණයෙන් ඇහැරවන්න සලස්වලා..
"සනීපයි වගේද?"
"තමුසෙ නම් මහ නරුමයෙක් යුන්ෂික්"
"හහ්! ඇත්තට? තමුන්ගෙ පාඩුවේ වැඩක් බලන් හිටියනම්
තමුසෙට මේ වගේ දෙයක් වෙන්නෙ නෑනේ. තමුන් වගේ පොඩි එකෙක්ට මාත් එක්ක හැප්පෙන්න පුළුවන් කියල හිතුවෙවත් කොහොමද? ආර්හ්, මේ මීඩීයාකාරයො නම් පුදුම හිසරදයක්!"
මූණේ තවමත් ලේ බේරෙන සීරීම්;තුවාල, තැලිලා දම් පාටට හැරුණු අත්පා එක්ක පුටුවක ගැටගහලා තිබුනු සන්ග්හූන්ව දකින ඕනම කෙනෙක්ට තේරුම් ගන්න පුලුවන් එයා ලක්වෙලා තියෙන වදහිංසාව..
"ම- මං කොහොමත් තමුන් ගැන ලෝකෙටම හෙළි කරනවා, දැගන්-නවා ඒක"
" හරියට කතාකරගන්නවත් තමුන්ට පණ නෑ, ඒත් කියවිල්ල නම් එහෙම්මයි"
YOU ARE READING
GOLDEN [JUNGKOOK FF]
Fanfictionසමහර මිනිසුන්ට පොරොන්දු දෙන්න ගොඩක් ලේසි ඇති.. ඒ පොරොන්දුවක වටිනාකම දන්නේ නැති නිසයි.. එයාලා නොදන්නවා වුණාට ඒ එක පොරොන්දුවක් තමන්ට ජීවත් වෙන්න තියෙන එකම හේතුව කරගත්තු මිනිස්සු ඕනි තරම් ඇති..නැත්නම් ඒ දුන්නු පොරොන්දුව අමතක කරන්න බැරි නිසාම නිහඩව විදව...