මාස දෙකකට පසු..
"ඔන්නීනීනීනීනීනීනී!!"
"යාහ් නාරි! ඇගට පනින්න එපා, පිහිය පෙන්නේ නැද්ද?"
"අයිගෝ මියානේ~~"
කුස්සියේ ඉදන් කෑම හද හද හිටපු නාබි අන්තිමේදී එළවළු කපන එකත් නවත්තලා දාලා බලාගෙන හිටියේ ටික කාලෙක ඉදන් නාරිට හැදිල තිබ්බ පිස්සුව දිහයි.. නාබිව දැක්ක තැන බදාගන්නයි, තනියෙන් හිනාවෙන්නයි, කල්පනා කර කර ඉන්නයි, නාරිට දැන් ගොඩක් වැඩ!
"කුක්කා මොනා හරි බරපතල දෙයක් කරලා මේකිට"
නාබි නාරි දිහා බලාගෙන මිමිණුවා..
"මොනා හරි කිව්වද?"
"ඔව් ඔව් මං මේ කිව්වේ ජන්කුකා ඔයාට මොනා කරලද දන්නෙ නෑ කියලා.. ඔය!! දැක්කනේ.. ජන්කුකාගෙ නමත් ඇති මෙයාට රතු වෙන්න"
තවත් ලැජ්ජාවෙන් ඇඹරුණු නාරි නාබිව බදාගෙන එයාගෙ රතු වුණු මූණ හංගගත්තා..
"ම්ම්! ඒක නෙවේ ඔන්නී.. මං අද කුක්කට සප්රයිස් එකක් දෙන්නයි යන්නේ~~"
"ඒ මොකක්ද?"
"ප්රෝගෑම් එකක වැඩවලට අද අපිට හයිබ් එකට යන්න තියෙනවා.. කුක්කගෙ ඉස්සරහට ගිහින් පොඩ්ඩක් අවුස්සලා එන්න ඕනී"
"ඔන්න මං නොකීවයි කියන්න එපා කුක්කා නම් ලේසි නෑ හොදේ හා පැටියා වගේ හිටියට.."
"දේ දේ"
~
~
~
~
~
~
ටිවී ස්ටේශන් එකට ගියපු නාරි ෆෝන් එකත් බල බලම කොරිඩෝ එක දිගේ ඇවිදන් යන අතරෙ එක්වරම එයාගෙ අතින් අල්ලගත්ත කෙනෙක් එයාව ඇදගෙන ගියේ වුණේ මොකක්ද කියලා නාරිට හිතාගන්නවත් වෙලා නැති වෙනකොට..එයාලගෙම වර්කින් කැබින් එකට නාරිව ඇදගෙන ඇවිත් ඒ කෙනා කැබින් එකේ දොරත් ලොක් කරේ නාරිව බයෙන්ම ගැහෙද්දී..
"සන්ග්හූන්! පිස්සු හැදිලද ආ!"
ඒ සන්ග්හූන් කියලා හරියටම දැක්ක වෙලාවෙයි නාරිගෙ ඇගට ලේ ටිකක් ඉනුවේ.. ඒත් මේ විදිහට එයාව ඇදගෙන ආවේ ඇයි කියලා තාම නාරිට හිතාගන්න බැහැ.. ඒ වගේම වෙනදට නැති කලබලබවක් සන්ග්හූන්ගෙ මූණෙන් නාරි හොදාකාරවම දැක්කා..
YOU ARE READING
GOLDEN [JUNGKOOK FF]
Fanfictionසමහර මිනිසුන්ට පොරොන්දු දෙන්න ගොඩක් ලේසි ඇති.. ඒ පොරොන්දුවක වටිනාකම දන්නේ නැති නිසයි.. එයාලා නොදන්නවා වුණාට ඒ එක පොරොන්දුවක් තමන්ට ජීවත් වෙන්න තියෙන එකම හේතුව කරගත්තු මිනිස්සු ඕනි තරම් ඇති..නැත්නම් ඒ දුන්නු පොරොන්දුව අමතක කරන්න බැරි නිසාම නිහඩව විදව...