STANDING NEXT TO YOU - 01

63 12 0
                                    


"හ්‍යුන්ග්.. අද නාබි නූනාව බලන්නේ යන්නෙ නැද්ද?"

"නාබි? නෑනේ කුකී.. තව ටික කාලයක්ම යනකම් බැරි වෙයි.."

දැන් ටේටත් වඩා නාබිව හම්බවෙන්න වුවමනාව කුකීටයි.. මොකද කිව්වොත් නාරිව දැකගන්න.. ඒත් මේ දවස්වල ටේ අලුත් සෝලො එකකට ලෑස්ති වෙන නිසා වෙනදා තරම් නාබිට කතා කරන්න බැරි වුණා.. ඒත් මේ දේවල් ගැන හොද වැටහීමක් නාබිට තිබුණු නිසා ටේට ඒක ලොකු ශක්තියක් වගෙයි දැනුණේ.. නාබි වගේ කෙනෙක් හමුවුණු එක ගැන ටේ හැමදාම වගේ හිතින් ගොඩක් සතුටු වුණා..

ජන්කුක් එදා නාරි කියපු දේවල් ගැන හිතලා බලන්න අමතක කලේ නෑ.. ඒ වගේ වෙලාවක නාරිගෙ ඒ පොඩි වචන ටිකත් ජන්කුක්ට ලොකු සහනයක් වගේ දැනුණේ.. ටිකෙන් ටික හරි අතීතේ අමතක කරලා ජීවත් වෙන්න තියෙන හේතු වෙනුවෙන් හිනාවෙලා ඉන්න ජන්කුක් හිත හදාගත්තා.. මේ නිසා, ගොඩක්ම නැති වුනත් ජන්කුක් වෙනදට වඩා හ්‍යුන්ග්ල එක්ක කළින් වගේ ඉන්න පටන් අරගෙනයි තිබුණේ.. ජන්කුක්ගෙ වෙනසට හේතුව මොකක් වුණත් හ්‍යුන්ග්ල ඒකට ගොඩක් ස්තූතිවන්න වුණා.. තමන්ව සනීප කරන්න නාරිගෙ වචන ටිකක් ඇති කියන දේ ජන්කුක්ටම තාම තේරිලා තිබුණේ නෑ..

~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~

වැඩත් ඉවර වෙලා නාරි කම්පැනි එකෙන් එළියට ඇවිත් බස් ස්ටොප් එකට ඇවිදගෙන යන ගමනුයි හිටියේ.. ෆෝන් එකත් ස්ක්‍රෝල් කර කර ආපු නාරිට වටපිටාව ගැන සිහියක් තිබුණෙම නෑ.. බස් ස්ටොප් එකට ළං වෙනවත් එක්කම නාරිට ඇහුණේ මනුස්සයෙක් මහ හයියෙන් කෑ ගහන සද්දෙයි.. ඒ සද්දෙට ගැස්සුණු නාරිගෙ අතින් ෆෝන් එක බිමට වැටුණේ නෑ විතරයි.. නාරි බයවෙලා වටපිට බැලුවට කවුරුත් පේන්න හිටියෙත් නෑ.. ඇස් මානේ තිබුණු බස් ස්ටොප් එකේවත් කවුරුත් හිටියේ නෑ.. වටේටම තිබුණේ ස්ට්‍රීට් ලෑම්ප්වල මලානික එළිය විතරයි..

ටික වෙලාවක් සද්ද නැතුව ඉදල නාරි ආයෙම අඩියක් ඉස්සරහට තියන්න හදනකොටම ආයෙමත් ඒ මනුස්සයා කෑ ගහන සද්දෙ ඇහුණා.. ඒ මනුස්සයා කෑ ගහන්නෙ උදවු ඉල්ලල බව නාරිට තේරුණා.. සන්ග්හූන් හිටියනම් දෙන්න අනිවාර්‍යෙන්ම ඒක ගැන හොයන්න තිබුණා, ඒත් අද නාරි හිටියේ තනියමයි.. ටික වෙලාවක් කල්පනා කරපු නාරි තීරණය කළේ සද්දෙ ඇහෙන පැත්තට ගිහින් බලන්නයි.. මේ වගේ දේවල් ගැන හොයල බලන එක ජර්නලිස්ට්ලට ගොඩක් සාමාන්‍ය දෙයක්.. දවසේ ඕනම වෙලාවක හොද නිව්ස් එකක් ඩැහැගන්න බලන් ඉන්න එක එයාලගෙ පුරුද්ද..

GOLDEN [JUNGKOOK FF]Where stories live. Discover now