අවුරුද්දකට පසු..
"අවුච්!"
"ඔහ්, මියානෙහම්- නූනා?!"
"කුකී? ඇත්තමයි පොඩි එකෝ ඉස්සරහ බලන් ඇවිදින්න බැරිද ආ? තව පොඩ්ඩෙන් මං බිම.. ඔයැයි අලි මස් ගිලලා වගේ තව සයිස් වුණාට අනිත් මිනිස්සුන්ටනෙ වදේ"
"මේ නූනා මගේ සෙම්සි බොඩියට මුකුත් කියන්නෙපා හරිද! අනික අනිත් මිනිස්සුන්ට නෙවෙයි අනේ වදේ වෙන්නෙ"
"එහෙනම්?"
"ඔයාගෙ නංගි පොඩ්ඩට තමා"
"එහෙ- මොකක්!! යාහ්හ්හ්!! මොකක්ද කිව්වේ!? ඔහොම ඉන්නවා වල් හා පැටියා!!"
දිවත් දික් කරලා දුවන් ගියපු ජන්කුක්ගෙ බෙල්ලෙන්ම අල්ලගන්න ඕනි වුණත් නාබිට ඒක කරන්න බැරි වුණේ පේශන්ට් කෙනෙක් එයා එනකම් බලාගෙන හිටපු නිසයි..
ජන්කුකත් හිනාවෙවීම ගියේ අවුරුද්දක් තිස්සෙම එයා යන එන වාට්ටුවටයි..
"ඔයාට කොහොමද ප්රින්සස්?"
අවුරුද්දක්! එක් සීත ඍතුවක්, වසන්ත ඍතුවක්, සරත් ඍතුවක්, ගිම්හාන ඍතුවක් ගෙවිලා ගිහින්.. මේ කාලය ඇතුළත කොච්චර නම් දේවල් වෙලා ඇත්ද? ඒත් නාරි! තවමත් අවුරුද්දකට කළින් හිටියා වගේමයි.. නාරිගෙ ජීවිතෙන් අවුරුද්දක් ඔහේ ගෙවිලා ගිහින්.. තවමත් හදිසි ප්රතිකාර ඒකකයේ, මැශින් ගොඩකට මැදිවෙලා ඉන්න නාරිගෙ හුස්ම පොද වැටෙන බවට තිබුණු එකම සාක්ෂියත් හදවත ගැහෙන වාරයක් ගාණෙ මැශින් එකේ ඇදුණු රේඛාව විතරයි..
ජනේලෙ ළග මේසේ උඩ තිබුණු වාස් එකේ ලාවට පරවෙලා තිබුණු මල් ගොමුව අයින් කරපු ජන්කුක් එයා අලුතෙන් ගෙනාපු මල් ටික ඒකෙන් දාලා ඇද එහාපැත්තේ තිබුණු පුටුවෙන් වාඩිවුණා..
නාරි දිහා ටිකක් වෙලා බලන් හිටපු ජන්කුක් නාරිගෙ මූණට වැටිලා තිබුණු කෙස් රැල්ලක් එයාගෙ කන පිටිපස්සෙන් රැදෙව්වේ මුණේ හිනාවක් රදවගෙනමයි..
"දන්නවද නාරියා~ අද තමයි අපේ වර්ල්ඩ් ටුවර් එකේ අන්තිම කොන්සර්ට් එක තිබ්බේ.. සෝල් ස්ටේඩියම් එකම පිරෙන්න ගොඩක් ආමිලා අදත් ඇවිල්ලා හිටියා...."
YOU ARE READING
GOLDEN [JUNGKOOK FF]
Fanfictionසමහර මිනිසුන්ට පොරොන්දු දෙන්න ගොඩක් ලේසි ඇති.. ඒ පොරොන්දුවක වටිනාකම දන්නේ නැති නිසයි.. එයාලා නොදන්නවා වුණාට ඒ එක පොරොන්දුවක් තමන්ට ජීවත් වෙන්න තියෙන එකම හේතුව කරගත්තු මිනිස්සු ඕනි තරම් ඇති..නැත්නම් ඒ දුන්නු පොරොන්දුව අමතක කරන්න බැරි නිසාම නිහඩව විදව...