එලාම් එක වැදුනත් ඒ වැදුනු එලාම් එක ඕෆ් කරලා ආයිමත් අනික් පැත්ත හැරිලා ඔලුවේ ඉදන් පෙරවගෙන මන් ආයිමත් නිදා ගත්තේ උදේ නැගිටින්න තියෙන කම්මැලි කමටමයි." දෝනා.. නැගිටින්න හයයි කාලයි "
පෙරවගෙන හිටපු බෙඩ්ශීට් එකත් අයින් කරලා අම්මා ඇවිත් කතා කලාම මන් නැගිට්ටා. මූන හෝදගෙන ඇවිත් ටයිට් ස්කර්ට් එකයි බ්ල්වුස් එකකුයි අයන් කරලා ඇදගත්තට පස්සෙ අම්මා හදලා දීපු කිරි එකත් බිබි තාත්තට ඇහැරවන්න ගියේ මන් ඔෆිස් යන්නෙ එයා එක්ක නිසා.
" තාත්තේ.. හයහාමාරයි. නැගිටින්න "
" අහ් හයට නේද නැගිට්ටවන්න කිව්වෙ..? "
" හයේ ඉදන් තමා නැගිට්ටවන්නේ. දැන්වත් නැගිටින්න "
ඊයේ රෑ ගහපු ශොට් එකට තාත්තට තාම වෙරිද කොහේ. එයත් නැගිටලා බාතෲම් එකට යන ටිකට මන් කොන්ඩෙත් පීරන් පෝනිටේල් එකක් දාගත්තා. පර්ස් එකයි බ්ලූ කාඩ් එක ඒ කිව්වේ අපේ ඇක්සස් කාඩ් එකයිත් බෑග් එකට දාගෙන සෝෆා එකට වෙලා ඉද්දි තාත්තත් ලෑස්ති වෙලා ආවා.
" අපි යනෝ බායී "
" පරිස්සමෙන් "
බයික් එකෙ ඉදගෙනම අම්මට අත වැනුව මන් තාත්තා එක්කම බොරැල්ල වෙනකන් බයික් එකෙ ආවේ එක එක විකාර කියෝ කියෝ. තාත්තා මාව බොරැල්ලෙන් බස්සලා එයා යනවා වැලිකඩ බන්ධනාගාරෙට. මොකද අපේ තාත්තා ඒකේ ජේලර් කෙනෙක්. මන් ඉතින් බොරැල්ලෙන් 190ක් හරි 170ක්ව හරි එනකන් ඉදලා නගින්නේ කොටුවට යන්න. කොටුවටම නෙමේ ඊට මෙහා හෝල්ට් එක ටෙලිකොම් එක ලගට යන්න.
" ටෙලිකොම් බහින්න "
කන්ඩක්ටර් කෑගහලා කිව්වම තමා මන් සීට් එකෙන් නැගිට්ටේ. ටෙලිකොම් එක ලගින් බැහැලා පයින් යන ටිකට මන් මිසිස් උදාරිට කෝල් එකක් ගත්තා.
" ආ අම්මේ මන් බැස්සා "
" දෝනා ඔයා ගියාද..? "
" නෑ නෑ තාම පයින් යන ගමන් "
" හ හා පරිස්සමෙන් යන්න "
අම්මට ගත්ත කෝල් එකත් කට් කරලා උඩ බිම බල බල මන් යන්නන්වාලේ බෑන්ක් එකට ගියා. අහ් කියන්න අමතක උනානේ මන් වැඩ කරන්නේ රටේ පලමුපෙලේ තියෙන ප්‍රයිවට් බෑන්ක් එකක.
YOU ARE READING
අරුමෝසම්
Non-Fictionඅරුමෝසම් අහසට එනවා නම් හනිකට අවරින් හිරු පායනු පෙනුනා.. 🥀🤍 Started Date:- 2023/12/20