තුන්වන කොටස

63 10 25
                                    




" උදාරි.. මේ ඉන්නෙ මගෙ දෙවෙනි කොල්ලා. ..අනුක......"

මදුරි නැන්දා පෙන්නපු කෙනා දිහා මං බලන් හිටියේ මේ සිහියෙන් නම් නෙමෙයි.

අනුක..... දෙවියනෙ මේ අනුක.....

මගෙ ඇස් අදහගන්න බැරුව මං හිටපු තැනම ගල් උනා වගෙයි මට දැනුනේ....

" මේ මං ඔයාලට හැමතිස්සෙම කියන්න මගේ යාලුවා..උදාරි නැන්දා..එතකොට මේ එයාගේ පොඩි දූ "

අපෙ අම්මා එක්ක කට පුරා හිනා උණ අනුක ඊළඟට මං දිහා බැලුවා.

"හායි "

"හ්..හෙලෝ "

" අයියෝ මාත් මෙච්චර කියෙව්වා දෝනගෙ නම අහ ගත්තේ නෑනේ "

මදුරි නැන්දා කියන්නේ ඔලුවට අත ගහන්. ඒත් මං තාමත් අනුකගෙ සිහියෙන්..

" මං අයුනි නැන්දා....අයුනි මන්ධාරා.."

මදුරි නැන්දට උත්තර දුන්නත් මට ශුවර් මගෙ ඇස් තිබ්බේ අනුක ළඟ..

"මට පේන්නෙ මේ නංගි අපෙ පොඩි අයියගෙ ෆෑන් කෙනෙක්ද කොහෙද..?"

අනුකගේ බාල මල්ලි කිව්වෙ හිනා වෙවී. ඒ කතාවට ගැස්සිලා වගෙ ගියපු මං අමාරුවෙන් හිනාවක් ගත්තා උනත් අනුක හිටියෙත් කට කොනට ගත්තු හිනාවකින්. ඉතින් තවත් විනාඩි කිහිපයක් අපි මදුරි නැන්දලගෙ ගෙදර ඉඳලා අපේ ගෙදරට ආවා.

" ඒ අයූ....."

"......"

" මොකො යකො මේ...ඒ ගෑනියෙ "

" අහ් හ්හ්.. ඇ..ඇයි..? "

" මොකද බං මේ යකෙක් ගහලා වගෙ..?"

සදලි මගෙ මූනට බර වෙලා ඇහුවේ... මං හිටියෙ අපි දෙන්නගෙ කාමරේ...අනෙ මං කොයි වෙලේද කාමරේට ආවේ....!

" මදුරි නැන්දගෙ පුතා...! "

" ඇහ්හ් කොල්ලෙක්ද..අඩෝ උබට හිත ගියාවත්ද...කෝ උබෙ අර ලව් ටෝක්ස් දීපුවා අර බෑන්ඩ් එකෙ එකා ගැන "

" සදලී..... ඒ අනුක.....! "

මහ හයියෙන් හිනා වෙවි හිටපු සදලි අනුකගෙ නම අහපු ගමන් හිනාව නවත්ත ගත්තේ හරියට ඒ හිනාවට හෙන වැදිලා ගියා වගෙ වේගෙන්.

" අනුක...! අර උඹ අවුරුදු ගාණක් තිස්සේ නහින බෑන්ඩ් එකේ කොල්ලා..? "

අරුමෝසම්Where stories live. Discover now