දෙවන කොටස

46 9 22
                                    




"Ane ballo ubalage game gihin mage me kota short tika andata kamak nadda. Mata diga kalisam naa bang 😫"

සදලි.. අනේ මුටත්.. මගෙ ෆෝන් එකෙන් සදලිගේ නම්බර් එක Bae කියලා සේව් කරගත්තෙත් එයාමයි..රටේ ලෝකේ මෙච්චර ප්‍රශ්න  තියෙද්දි මුට තියෙන ප්‍රශ්නෙ කොට කලිසම් ගමේදි ඇන්දට කමක් නැද්ද කියලා.... මට මේ ටිකේ තියෙන ලොකුම ප්‍රශ්නෙ ග්‍රීන්ලන්තේ අයිස් වෙලා අයිස් ලන්තේ කොල පාට උනෙ කොහොමද කියන එක..

" kmk na mata thiyenneth ewwama thama. Onnam gaumak dekak ganin "

" Ha ehenm.. a mee amma ahuwa udeta kanna seeni sambola pan  hadala dennada kiyala "

" marune. Idapn mn ammata kiyannam nanda pan hadanawa kiwwa kiyala "

" ha ha kiyala warenko "

ෆෝන් එකත් උස්සගෙනම මං අම්මා ලගට ගිහින් ශ්‍රියා නැන්දා සීනි සම්බෝල එක්ක පාන් හදනවා කියන නිව්ස් එක දීලා පටගාලා පඩිපෙළ නැගන් ආයි මගෙ කාමරේට ආවා.

"Ee mee "

" hapo e gamana moko uba "

" heta kiyannamko "

"Ane uba wucapn ganiye. Heta kiyanne dan kiyapan magula "

මගෙයි සදලිගෙයි තියෙන්නේ අවුරුදු විසි එකක යාලුකමක්. ප්‍රීස්කූල් කාලෙටත් කලින් ඉදන්ම මං සදලිව දන්නෙ එයා අපේ ගෙවල් ලග ඉන්න නිසා. මගෙ හොඳම යාලුවා..ඉතින් අපි දෙන්නා අතර වචන භාවිතය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ...

" bainna epa paco "

" ubata bainna neme gas badala gahannai ona. Menna bn mn dan wadala kiyannam hetawath oya muna ellan inne nathuwa tikk hariyata idapan. "

" ha ha. "

මැසේජ් එක සදලි සීන් කලා කියලා දැක්කම මං එහෙම්ම ඇද උඩට කඩන් වැටුණා. කොට්ටෙකුත් බදාගෙන ඔහේ සිවිලිම දිහා බලන් මං කල්පනා කලා..

මේ ලෝකේ ප්‍රශ්න තියෙන්නෙ මට විතරක් නෙමෙයි කියලා දන්නවා උනත් මං ප්‍රශ්න නිසා හෙම්බත් වෙන්නෙ නැ කියලා හැමෝටම පේන්න හිනා වෙලා හිටියත් හිත ඇතුලෙන් තනියම විදව විදව හිටපු මට මාන්සිකව වැටිලා හිටපු මට අත දුන්නු කෙනෙක් හිටියා. ඒ කෙනාවත් දන්නෙ නැතුව ඇති මට එයා කොයිතරන් නම් වටින ඉනාවක්ද කියලා...ඒ ගැන කවුරු නැතත් දන්න එකම කෙනා සදලි. කෙටියෙන්ම සදලි කියන්නේ මගෙ පර්සනල් ඩයරි එක. සමහරු එයාලගේ දේවල් ඩයරි එකක ලියනවනේ. ඒ වෙනුවට මං ඒ හැමදේම සදලි එක්ක කතා කරනවා. ඒ වගේමයි අනික් පැත්තට එයත් හැමදේම මාත් එක්ක කියනවා.














අරුමෝසම්Where stories live. Discover now