හත්වන කොටස

56 8 26
                                    




"අයියේ ඔයා...?"

"තමුසෙව දැක්ක කල්....!"

අනුකගේ ලා දුබුරු පාට ඇස් මෙච්චරම ලගින් දැකපු පලවෙනි පාර මේ. රැවුල කපලා තිබ්බ නිසා මන් හොදටම දැක්කා එයාගේ උඩු තොල උඩින් පැත්තට වෙන්න තිබ්බ බර්ත්මාර්ක් එක. මගෙත් එතනම බර්ත්මාක් එකක් තියෙනවා. ඉතින් මට හිනාවක් යන්න ආවත් මන් ඒ හිනාව ආයාසයෙන්ම නවත්ත ගත්තේ අනුකගෙන් ඈත් වෙන ගමන්මයි.

" ඔයා....මෙහෙ...?"

" එනවකො යන්න යනගමන් කියන්නම්.."

" මෙහෙම...පයින්...?"

" ඔව්.යන් යන්න්...!"

අනුක මාව තෙමෙන්නෙ නැතිවෙන්න කුඩේ ඇල්ලුවත් එයාව හොදටම තෙමෙනවා. පව් අහින්සකයා තමිලා හෙම්බා හැදෙයිද මන්දා..!

" ඉතින් කිව්වෙ නෑනේ මෙහෙ කොහොමද ඔයා..?"

"ආ අපේ අම්මට ඔයාලගෙ ගෙදර එන්න ඕන කියලනේ මේ අපි ආවේ. එතකොට ඔයා ඔෆිස් ගිහින් කිව්වා ආන්ටි. "

" ඉතින් ඔයා ආවේ ඇයි පාරට..?"

"නිකන් ඉතින්...තමුසෙව කාලෙකින් දැක්කෙත් නෑනේ ඉතින් අන්කල් එන්න හදද්දි මන් කිව්වා මන් එක්කන් එන්නම් කියල.."

හෝල්ට් එකේ ඉදන් අපේ ගෙදරට යන්න යන විනාඩි දහයම අපි කතා කලා.... මට කතා කරන්න හිතුනා...!

" ඉතින් මාව බලන්නද ආවේ...?"

සීරියස් ප්‍රශ්නයක් උනත් මන් ඒක ජෝක් එකක් ගානට දාලා ඇහුවේ අනුකට වෙනසක් නොදැනෙන්න. එයාගේ ලා දුබුරුපාට ඇස් මග ඇරලා මන් ඒ ඇහුවේ. මොකද එයාගේ ඒ ඇස් දිහා කෙලින් බලන්න බැරි කමක් මට දැනුනා. ඒත් අනුකගෙන් උත්තරයක් විනාඩියක් විතර යනකන් තිබ්බෙ නැ. ඉතින් දැන් අපි දෙන්නම නිහඩයි...වැහි වතුර වැටුන තාර පාරේ අපේ අඩි සද්දේ විතරක් ඇහෙන තරමට.

"මට තමුසෙව මතක් උනා...!"

"මාව...?"

"හ්ම්ම් මට කොහොමත් ඔයා එක්ක කතා කරන්න ඕනි වෙලා තිබ්බේ නන්ගි.."

"මොනවා ගැනද..?"

"මන් ගැන..!"

ඇවිදින එක නවත්තලා අනුක කිව්වේ මන් දිහා බලන්. චූටි චූටි වැහි බින්දු වලින් ඒ මූන හැඩ වෙලා තියෙන නිසා අනුක තවත් කඩවසම් වෙලා කියලයි මට හිතුනේ. ඒ මදිවට මෙයා කියන එව්වා නිසා හුස්ම ගන්නත් අමතක වෙනවා මට.  ඉතින් කතාවෙන් කතාව අපි ගෙදරට ආවා.

අරුමෝසම්Where stories live. Discover now