Chapter 04

90 18 4
                                    

Jimin Pov

කාර්ට් එකක් තල්ලු කරන් මට ඉස්සරහින් යන මේ නල්ල මලේ ඉන්දියන් අම්මන්ඩිව මට නම් පේන්න බෑ. සයිකො කාරියක් වගේ මොනාද මන්දා අමුතු විකාර බාසාවකින් සින්දු කිය කිය ෆුඩ්සිටි එකෙ එහෙ මෙහෙ යද්දි මම ශේප් එකෙ ඒකිව මගෑරලා වෙනම ගියේ මොකටත් කියලා ආත්මාරක්ශාවට. බිත්තර රකින කිකිලියෙක් කෙකර ගානවා වගේ ඒ විකාර කෙල්ල සින්දු කියද්දි. කන්බෙර පැලෙන්න වගෙ මගෙ. ඔලුවත් කකියනවා දැන් නම් සමයම

මේ හෝන්තුවව දකින වාරයක් පාසා මට සම්චොන්ව හොයන් ගිහින් බොක්සර් එක අස්සට බෝම්බයක් දාලා දුවන් එන්න තරම් කේන්ති. ඇයි යකො මගෙ ගේ මගෙ පර්මිශන් එකක් නැතුව මේ කොහෙවත් ඉන්න සක්කරවට්ටමකට විකුනලා තියෙන්නේ. ඔම්මයි අප්පයි නැති උනේ මන් ලන්ඩන් ඉද්දි. හයිස්ටඩීස් වලට මන් ලන්ඩන් ගියෙ අප්පගෙ කැමැත්තට. ඩිග්‍රි එකෙ අවුරුදු දෙක කම්ප්ලීට් වෙද්දි අප්පයි ඔම්මයි නැති උනා කියලා මන් දැනගත්තේ.  අවසන් කටයුතු වලට ඉදලා මන් ආයි ලන්ඩන් ගියෙ සම්චොන්ට හැමදේන බලාගන්න කියලා. ඒත් ඒ මෝඩ යකා කරලා තියෙන්නෙ බොරු ඔප්පු හදාගෙන ගේ විකුනලා දාලා සල්ලි අරන් පයින එක. අනෙ මෙහෙන සම්චොන්ලා වාසනාවන්.

" මේ මේවා රහයිද. මම ගන්නද "

අර පිස්සු ගෑනි එක පාරට පිටිපස්ස හැරිල මහ හයියෙන් කෑගහන් මගෙන් අහපු පාර මමත් බය වුනා. මේ මොන මගුලක්ද මේ මගෙන් අහන්නෙ. ඉව්ව් වටෙ ඉන්න වුනුත් මන් දිහා බලනො ඒ ගමන. මට අවධානේ එපා ඔයාලගෙ

" මගෙන් අහන්නෙ තමුසෙ ගන්න ඉලව්වක් ගන්නවා "

" එහෙම බෑනේ සගෝ ඔයයි මායි දැන් ලිවින් ටුගෙදනේ "

" අනෙ මේ අයිසේ ඇනයක් නොවී ඉන්නවා. අපරාදෙ තමුසෙව එක්කන් ආවේ මගුල "

" නායි "

" මොකා "

" නායි නායි නායි මට තමුසෙව පේන්න බෑ ඕයි "

අරකි රාමෙන් පැකට් ගොඩකුත් කාර්ට් එකට හලාගෙන මටත් ගස්සගෙන මොනාද කිය කිය පස්සත් වන වන යන්න ගියා. වටේම ඉන්න අය මන් දිහා බලන්

" හි හී මන් එයාව අදුරන්නෙ නැ "

හිමිට කියාගෙන මමත් මගෙ කාට් එක අරන් ආවේ කැශියර් එකට. බිල් එකත් පේ කරලා කා එකට ආවත් අර වට්ටි අම්මා ඔප්සෝ. අනෙ මට මොකෝ මොකෝ ඒකි මගෙ කෑල්ල නෙමෙනෙ. කා එකත් ස්ටාර් කරන් මන් ගෙදර එද්දි අර පිස්සු ගෑනි ගෙදරත් ඇවිල්ලද කොහෙද.

Next Room |PJM||Where stories live. Discover now