Chapter 09

50 11 7
                                    

Jimin Pov

" සීතලයි "

චූටියට පටන් ගත්තු පොද වැස්ස මහ වරුසාවක් වෙන්න ගොඩක් වෙලා ගියෙ නැ. මෙච්චර වෙලා මන් හිටියෙ බ්ලැන්කට් එකට ගුලි වෙලා එලියෙන් ඇහෙන වැස්සෙ සද්දෙට කන් දීගෙන. තාම උදේ හයයි වෙලාව. කොලේජ් යන්න තියෙනවා කියලා මතක් වෙද්දි කොච්චර සීතලයි කම්මැලි නිදිමතයි උනත් මන් ඇදෙන් බැහලා ගියෙ බාතෲම් එකට.

උනුම උනු වතුර වලින් මාව නෑවිලා යද්දිත් මට මතක් උනේ අර දෙමල අම්මන්ඩිව. හ්හ් එදා වෙච්ච දේට පස්සෙ මන් ඒ හෝන්ථ්ව සති දෙකකින් විතර හරියට හම්බිලා නැ. ඒ සමයම වගේමයි යාලුවෝ ටිකත්. කිව්ව බොරුව එක පාර පිලි අරගෙන දැන් ඒ සෙට් එක හිතන් ඉන්නෙ මම අර සක්කර වට්ටමගෙ බෝයිෆ්‍රෙන්ඩ් කියල. දෙමල අම්මන්ඩිව එවෙලෙ පොඩ්ඩක් අවුස්සලා ගන්න බොරුවක් කිව්වට මොකද දැන් දැන් නම් මටත් ඒක අල්ලලා ගියේ ආයි නැ සුපිරියට ඒක නිසා මේඝාව මඩවන්න පුලුවන් වෙන නිසයි. මතක් වෙද්දිත් හිනා යනවා.

හයිනෙක් ශර්‍ට් එකට උඩින් බ්ලේසර් එකත් ඇදගෙන කා කී එකයි මගෙ බෑග් එකයි අරන් රූම් එකෙන් එලියට එද්දි මෙන්න අර වැදිරි සෝෆා එකෙ වාඩි වෙලා නිකටට අතකුත් තියාගෙන හිනා වෙවි ඉන්නවා. මෙච්චර කාලෙකට පස්සෙ එලි බැස්සා කියන්නෙ මොකාක්ම හරි කුනු කුපාඩි වැඩක් කරලා ඇති කියලා මගෙ රේඩාර් එකට අහු උනත් මන් එයාව ගනන් නොගෙනම එන්න ආවා.

" අනේ බේබි නවතින්නකො "

වට් ද කිරි අප්පට බල්ලො පැනපි කිව්වලු. මේකි මේ මටද බබා කිව්වෙ. සැකෙන්ම හැරිලා මේඝා දිහා බැලුවම මෙන්න හොල්මන වගෙ මගෙ පිටිපස්සෙන් ඉන්නවා.

" ඇයි මොකද "

" ඇයි අහන්නෙ ඔයා මගෙ බෝයිෆ්‍රෙන්ඩ් නම් මාව කොලේජ් එකට ඩ්‍රොප් කරන්න. ඔයත් යන්නෙ එතෙන්ටමනෙ "

" තමුසෙට පිස්සුද. මට බැ "

" බැහැ.... එහෙනම් ඉතින් මට කොලේජ් එකෙ හැමෝමත් එක්කම කියන්න වෙයි එයාලගෙ මහලොකු මියිසික් ප්‍රොෆෙසර් මාත් එක්ක එකට මාසයක් තිස්සෙ නිදා ගන්නව කියලා "

" මොහ්හ්හ් නිදා ගන්නවා. "

කැස්සකුත් ආවා සාන්ත ඒකටනම්. මේකි හරියට මාව බ්ලක්මේල් කරන්නෙ මන් මේ හෝන්තුව එක්ක බේබි මේකින් කරන්න ගියා වගෙනෙ. පිස්සු හැදෙයි සද බැබලෙයි මට නම් මොලේ අමාරුවක් නැ මේඝා එක්ක බේබි මේකින් කරන්න.

Next Room |PJM||Where stories live. Discover now