Chapter 06

85 17 14
                                    

යටගිය දවස බරනැස් නුවර අහ් නැ චෙන්නයි අහස යට මම මගෙ තර්ඩ් ලව් එකත් එක්ක අත් වැල් පටලන් හරිම ලව් එකෙ චොකෝ චිප්ස් අයිස්ක්‍රීම් එකක් කන ගමන් හිටියේ. ඒ මනුස්සයගේ නම මොකක්ද ම්ම්ම්ම් ආහ් මතක් උනා අජෙයි. එතකොට මට වයස අවුරුදු 16යි. හෙන හිච්චි ඒ උනාට මන් හිතාගෙන හිටියේ මන් හෙන කෑල්ල කියලා. දැන් කියලා වෙනසක් නැ මන් හෙන කෑල්ල තමා. කෝමෙන් කම හරි අපි අපේ ආදර ලෝකේ ගුලිවෙලා වෙලිලා අයිස් ක්‍රීම් එක කකා ඉද්දි කොහෙන්දෝ මන්දා ඈත අහසෙකින් පාවෙලා ඉගිල්ලිලා ආව ෆුට් බෝල් එකක් කෙලින්ම පතිත උනේ අජේගේ මූනට. තැලිලා රතුවෙලා ලේ ගලපු නහය අල්ලන් අජේ එහෙම්ම බිමට කඩන් පාත් උනේ මහසෝනා පොලේ ගැහුවා වගේ. උන දේ හිතා ගන්න බැරුව අර බෝල් එක ආව පැත්ත බැලුවම මන් දැක්කෙ හෙන කදයා වගෙ ඉන්න කාර්තික් හැල කිබුලව. පෞකාර සහෝදරයා නිසා මට මගෙ පලවෙනි දෙවෙනි
සහා තුන්වෙනි ලව් එකත් සාර්ථක ලෙස කෙල වෙලා ගියා.

" යෝ මුට්ටාල්. එන්න ඩා පන්‍ රේ "
( ඒ මෝඩයා මොනාද බන් කරන්නෙ )

" නා එන්න පන් රේ. උනක දා ඔරු මාපිලෙයි ඉරක. අප්පො එන්න ඉන්ද මාදිරි ඔරු ජෝකර් කුඩ සුත්තිකිටේ ඉර්කේ "
( මන් මොකක්ද කලේ. උබට එක මනමාලයෙක් ඉන්නවනේ. එතකොට මොකටද මේ වගේ ජෝකර් කෙනෙක් එක්ක ඇවිදින්නේ)

" එන්ද මාපිලේ ඔහ් අන්ද පයිත්කාර ලූසාවා. අන්ද අප්‍රිකන් ආල. හ්හ් ඉව්ව්ව් එනක අන්ද කරුප්පා වේනා. "
( කවුද මනමාලයා. ඔහ් අර පිස්සු ලූස් එකාද. අර අප්‍රිකන් කාරයා. ඉව්ව් මට ඒ කලුවා එපා )

" නී එන්න සොන්නාලුම් අවන් උනක ෆික්ස් "
( ඔයා මොනවා කිව්වත් ඌයි ඔහෙයි ස්තීරයි)

" අප්පඩි ඔරු නඩදානුම් නා සෙත්තිරිවේ "
( එහෙම දෙයක් උනොත් මන් මැරෙනවා )

" අම්මයියාහ්හ් නල්ල මුඩිව ඩි. එනකුම් ෆ්‍රීයා ඉර්ක මුඩියුම්. යේහ්හ්"
(අම්මාහ් හරිම තීරනෙ බන්. මටත් නිදහසෙ හිටියෑකි )

" පෝඩා නායි "
(පලයන් යන්න බල්ලා )

අනෙ අම්මපා මුට මන් මැරෙනවා කිව්වත් ගානක් නෑනේ බලු බ්‍රදර්. කාර්තික් පුප උඩ දාන් කියවන කලුවා ඇෆ්‍රිකන් කාරයෙක්. අපේ අප්පගෙ වයිෆ්ගේ තම්බිගෙ ඩෝටගේ අම්මගේ තන්ගච්චියෙක් අෆ්‍රිකන් සුගර් ඩැඩියෙක් මැරි කරලා කරපු ක්‍රියාවලියේ ප්‍රතිපලයක් තමා ඔය මට ප්‍රොපෝස් කරලා තියෙන කලුවා. මතකද මන් කිව්වා මගෙ එකම හීනේ හිම වැටෙන රටක කොල්ලෙක් බදින එක කියල. ඒකට හිම වැටෙන කොරියාවම වෙන්න ඕන නැ මෙ අපෙ රටේ කාශ්මීර් පැත්ත හරි කමක් නැ කියලා මන් පලමු වතාවට මාධ්‍යට කියන්න කැමති. අපෙ ගෙදර අයයි මුලු හත්මුතු පරම්පරාවමයි බලන් ඉන්නෙ මාව අර කට්ට අව්වේ කර වෙන්න අප්‍රිකාවට පිටුවහල් කරලා දාන්න. මේ ලස්සන මේඝා අර කලු රොනාල්ඩ් ලගින් හිටගෙන හිටියත් නිකන් කපුටගෙ කරේ එල්ලපු මැනික වගේ තියෙන්නෙ. එහෙව් එකෙ වෙඩිමක්...ම්ම්හ්හ් නෝවේ මලත් වෙන්න දෙන්නෙ නැ.

Next Room |PJM||Where stories live. Discover now