අවුරුද්දක් ඉවර වෙන්න ආවේ සෝල් යුනි එකේ මායි මගෙ ගැන්සියයි කරන්න පුලුවන් හැම නසරානි වැඩක්ම කරන ගමන් එක්සෑම්ස් ටිකත් එලටම පාස් වෙලා. හෙට තියෙන කල්චරල් ෆෙස්ටිවල් එකට අදින්න කියලා මන් ඉන්දියා වලින් සාරි එකකුත් ගෙන්න ගත්තා. අපේ දේ අගයන්න එපැයි කොහෙ කොහොම හිටියත්.. සැඩා නම් ඔන්න මොකක්ද ගවුමක් තමා අදිනවා කිව්වෙ. ටේකුක් ඩබලටනම් ඉතින් කලිසමයි ශර්ට් එකමනෙ.දෙයියනෙ මයෙ ප්‍රොෆා කුමාරයා මොනා අදීද දන්නෙ නැ. මං සාරි අදින එකේ සෑර්ට ජෝතියක් ඇන්දුවනම් බඩු එලකිරිම තමා. හනෙ හනෙ මයේ සූකිරියා දොයිය ඇති දැන්. හෙට ෆෙස්ටිවල් එකේ ජිමින්ගෙ ස්ටුඩන්ට්ස්ලගෙන් ස්පෙශල් ඉවෙන්ට් එකක් තියෙන නිසා ජිමින් මේ ටිකේම ගොඩක් මහන්සි උනා. එයාලා සින්දුවක් කරලා අලුත් එකක් ඉතින් කෝම හරි ඕකේ ඩාන්ස් එකට අපෙ හොබාගේ ස්ටුඩන්ට්ස්ලා කීපදෙනෙක් යනවා උනත් මං නම් යන්නෙ නෑ. සින්දුවෙ වැඩ ඉතින් මන් තමා කලේ. මොකද ඒක ටැමිල් සින්දුවක් හ්හ්. මේ සාරි පටලන් නටන්න ගිහින් ඕක කඩන් වැටුනම සුදු හූනෝ හූනියෝ ඉස්සරහා ඉතුරුවෙලා තියෙන නම්බුව සීයට දශම ගානත් ලෙප්ට් වෙලා ගියොත් විනාසයි.
" මේඝා...බේබි වේකප් "
" නැගිටලා ඉන්නෙ මිනිහෝ කෑගහන්න එපා. "
ජිමින් මහ පාන්දර නැගිටන් දොරට තඩිබානවා. මං නැගිටින්න නිදා ගන්න එපැයි. තිබ්බ කුතුහල කුලප්පු ගතිය නිසා මට නින්ද ගියෙත් නැ.
හැටපැයක් තිස්සෙ නැගිටලා සාරිය පටලගන්න දඟලන්න දෙයක් මට තිබ්බෙ නැ. මොකද මේ මේඝා ලක්ශ්මි සුබ්‍රමනියම්ට ඕවා සුලු වැඩ. ඉතින් ඩාර්ක් බ්ලූ සිල්ක් සාරි එක ඔතාගෙන ඒකටම හරියන්න බ්ලු කලර් හීල්ස් දෙකත් දා ගත්තා. හීල්ස් දෙක කාර්තික් ගානේ හම්බුනේ. මට ඉතින් අමුතුවෙන් මේකප් දාන්න දෙයක් නෑනේ මං උපතින්ම බියුටිපුල්නේ කියලා නිකන් ඉන්නෙ නැතුව මං තියෙන හැම සබ්බ සකලමනාවම මුනේ උලා ගත්තා. කොන්ඩෙ නිකන් ෆ්‍රී හිටින්න පීරලා එලියට එද්දි ජේර්ක් විතරයි සාලේ. ඔය සාම්බාරු රසමා තමා මට ඉන්න එකම එක හතුරා. මට පේන්න බැ ඔය බොම්බේ මොටායි ගදගහන පූස් තඩියව.
YOU ARE READING
Next Room |PJM||
Fiksi Penggemar" හෙලෝ හායි වනක්කම් වනක්කම් වනක්කම්ම්ම්හ්හ්හ් ඉප්පො නීන්ගල් එන්කූඩ ආ ඉල්ලේ නම්මකූඩ.." " හෝව් හෝව්ව් මොනාද මේ " " යේ යෙන්නාච..ඌප්ස් සොරි ඇයි මොකද කියලා ඇහුවේ.." " කියන දෙයක් තේරෙන බාසාවකින් කියනවකො සුබ්බු " " මන් කියන එව්වා තේරෙන්නෙ නැත්තන් ඇවිල්ලා එ...