" ජන්ග්කුක් ඔයාගේ අද ප්‍රැක්ටිස් හොදටම මදි හරිද ?? මොන සිහියේ ඉදන්ද ලමයෝ බැට් කරන්නේ ?? බොලේ එනවා පෙනි පෙනි බලන් ඉන්නවා...බෝලින්ග් දුන්නාම නිකන් කැද බීලා වගේ බෝල් කරන්නේ..මේක ක්‍රිකට් ජන්ග්කුක්..නැතුව බැට්මින්ටන් නෙමෙයි !! "
ජිවිතේ පලවෙනිපාරට ක්‍රිකට් වෙනුවෙන් ජන්ග්කුක්ව නම්ජුන්ගෙන් බැනුම් ඇහුවේ..හිතේ පොඩි දුකක් ඇති උනත් ඊට වඩා ජන්ග්කුක් ඉන්නේ හරි සිහියෙන් නෙමෙයි කියලා ජන්ග්කුක් හොදටම දන්නවා..ජන්ග්කුක්ගේ සිහිය ටේහ්‍යුන් එක්ක නැති වෙලා ගිහින්...
" ජන්ග්කුක් !! "
" ආහ් ?? "
" මොන ලෝකෙද ලමයෝ ඉන්නේ ?? මන් කියපුවා අහගෙනද හිටියේ ?? "
ජන්ග්කුක් හිටියේ ටේහ්‍යුන්ගේ සිහියෙන් මිසක් නම්ජුන් කියපු කිසි දෙයක් අහගෙන නෙමෙයි උනත් නම්ජුන් අහපු ප්‍රශ්නෙට ඔව් කියලා ඔලුව වැනුවා..අන්තිමට ජන්ග්කුක්ට බැනලම එපා උන නම්ජුන් පොඩි ඉන්ටර්වල් එකක් දීලා ගියාම ජන්ග්කුක්ව එහෙම්ම තණකොල පිට්ටනියේ හාන්සි උනේ මහන්සියටත් එක්කමයි..
" ආහ් අල්ලගනින් !! "
ජන්ග්කුක් ලගට එනගමන් ඈත ඉදන්ම කායි වතුර බෝතලේ විසික් කරාම වෙන සිහියක හිටිය ජන්ග්කුක් බෝතලේ අල්ලගත්තේ නහයෙත් වද්දගෙනයි..
" ආව්..මොන #@$$...."
" උබ වෙන සිහියක හිටියද මන් පලිද යකෝ !! "
කායිගේ බෝතලෙත් අරන් ජන්ග්කුක් ලගින් වාඩි උන කායි කියනකොට ජන්ග්කුක් වැදුන නහයත් රතු කරන් කායිට රැව්වා..
" මොකද උබ දාහට අරන් සීයට දිලා වගේ ඉන්නේ ?? ජිමින් නැති නිසාද ?? "
" එහෙම එකක් නෑ !! "
වතුර බීලා ඒ බෝතලේ ආයි කායිටම විසික් කරලා තණ පිස්සේ හාන්සිවෙන ගමන් ජන්ග්කුක් කිව්වා..ඇත්තටම එයාට මොකක්ද වෙලා තියෙන්නේ කියලා එයාට තේරුමකුත් නෑ...එතනින් අද ජිමින් නැති එකත්, මේ දවස්වල කෝල්, මැසේජ් මුකුත් නැති එකත් එක හේතුවක් කියලා නම් ජන්ග්කුක් දැනගෙන හිටියා..
" මේ අහනවකෝ..."
" ඉතින් කියනවකෝ...''
කායිගේ පැත්තට හැරෙන ගමන් ජන්ග්කුක් කියනකොට ඒ ටෝන් එකටම කායිත් කියාගෙන හැරුන නිසා තමන් දැන් කියන්න හදන කියන්නම ඕනද කියලා ජන්ග්කුක්ට හිතුනත් වෙන කරන්න දෙයක් හිතාගන්න බැරි නිසා ජන්ග්කුක් තීරණය කරා කායිගෙන් ඒක අහන්න..
YOU ARE READING
You Are MY ENEMY || TK || Completed
Fanfictionකෙනෙක්ට ලන් වෙනකොට, එයා එක්ක ඉන්න වගේම එයා නැති උනාම ඉන්නත් පුළුවන් වෙන විදියට හුරු වෙන්න.. මොකද , " ඔයාට මට ආදරේ කරන්න පුළුවන් ද ?? " කියලා ඇහුවට.... " මන් නැතුව ඔයාට ඉන්න පුළුවන් ද ?? " කියලා කවදාවත් අහන්නේ නෑ...!! # Enemy to lover # Taekok 🔁