ටේහ්‍යුන් හොබිගේ උදව්වෙන් එදාම රෑ තිබ්බ ෆ්ලයිට් එක බුක් කරගන්නකොට එයා එයාර්පෝර්ට් එකට එනකොටත් ෆෝන් එක ඕෆ් වෙලායි තිබ්බේ...හොදටම පරක්කු වෙලා හිටිය ටේහ්‍යුන්ට ගෙදර අයටවත් යනවා කියන පනිවිඩේ දෙන්න බැරි වෙනකොට හොබි හරි ගෙදර අයට තත්ත්වේ තේරුම් කරයි කියලා හිත හදාගත්තාත් ටේහ්‍යුන්ගේ හදිසි නිවාඩුව නිසා හොබීට ටේහ්‍යුන්ගේ වැඩත් කරන්න උන එකෙන් එයාටවත් කාටවත් පනිවිඩයක් දෙන්න බැරි උනා..
ඉතින් ටේහ්‍යුන් පැය 10කටත් වැඩි ගුවන් කාලයක් එක්ක ලංකාවට එනකොට ටේහ්‍යුන් ආපු ගමන් කරේ එයාර් පෝර්ට් එකෙන් කොහොම හරි ෆෝන් එක චාර්ජ් කරගත්තු එකයි...මගින් ටැක්සි එකක් අරන් ජන්ග්කුක්ගේ ගෙදරට යන මගදි ෆෝන් එක ඔන් කරපු ගමන් ජන්ග්කුක්ගෙන්, ජිමින්ගෙන්, යූන්ගිගෙන් විතරක් නෙමෙයි ජන්ග්කුක්ගේ තාත්තගෙන් පවා මිස්කෝල්ස් ගොඩක් තියෙනවා දැක්කාම ටේහ්‍යුන් හොදටම බය උනා...ඉතින් එයා ජන්ග්කුක්ට ගන්නත් හදලා මුලින්ම ජන්ග්කුක්ගේ තාත්‍තාට කෝල් කරේ ජන්ග්කුක්ගේ තත්ත්වේ දැනගන්න ඕන නිසායි...මොකද ජන්ග්කුක්ගේ අන්තිම කෝල් එක ඇවිල්ලා තිබ්බේ ටේහ්‍යුන් ෆෝන් එක ඔන් කරන්න පැය භාගෙකට කලිනුයි..
රින්ග් දෙක තුනක් යනකොට ටේහ්‍යුන්ට පුලුවන් උනා ජන්ග්කුක්ගේ තාත්තා එක්ක කතා කරන්න..
" හලෝ අන්කල් මන් ටේහ්‍යුන් !!"
" දෙයියනේ පුතා ඇයි ආන්ස්වර් නොකරේ...අපි කොච්චර කෝල් ගත්‍තාද ??"
ජන්ග්කුක්ගේ තාත්තා කලබලෙන් ඇහුවේ ටේහ්‍යුන් ගැන පවා ඇති උන බය නිසායි..
" අන්කල් මන් ලංකාවට ආවා...එයාර්පෝර්ට් එකේදි ෆෝන් එක ඕෆ් උනා...ඒකයි මට කතා කරන්න බැරි උනේ...ජන්ග්කුක්ට මොකද ?? "
ටේහ්‍යුන් හදිසීයෙන් කියනකොට ජන්ග්කුක්ගේ තාත්තා ඉක්මනට කෙටියෙන් උන හැම දෙයක්ම ටේහ්‍යුන්ට කිව්වේ ජන්ග්කුක් ගැන පවා ඇති උන බය නිසායි...ජන්ග්කුක්ගේ අම්මා කොහොම හැසිරුනත් ජන්ග්කුක්ගේ තාත්‍තා ජන්ග්කුක්ව හොදට තේරුම් ගත්ත කෙනෙක්...අනික එයා සාමාජේ කියන දේවල් වලට බය කෙනෙක් නෙමෙයි...එයාට හැමදේටම වඩා එයාගේ පුතාගේ සතුට වටිනවා..
YOU ARE READING
You Are MY ENEMY || TK || Completed
Fanfictionකෙනෙක්ට ලන් වෙනකොට, එයා එක්ක ඉන්න වගේම එයා නැති උනාම ඉන්නත් පුළුවන් වෙන විදියට හුරු වෙන්න.. මොකද , " ඔයාට මට ආදරේ කරන්න පුළුවන් ද ?? " කියලා ඇහුවට.... " මන් නැතුව ඔයාට ඉන්න පුළුවන් ද ?? " කියලා කවදාවත් අහන්නේ නෑ...!! # Enemy to lover # Taekok 🔁