හැමෝම හිතුවා වගේම ජන්ග්කුක්ට වගේම ජිමින්ටත් ක්රිකට් බෝර්ඩ් එකෙන් මාසෙක ක්රිකට් තහනමක් ලබා දෙනකොට කලින් සෝජුන්ගේ මරනේ ගැන පවා ඇදිලා ආපු එකෙන් ජිමින්ටවත්, ජන්ග්කුක්ටවත් කවුරුත්ම මුකුත් කිව්වේ නෑ...හැමෝම තමන් එතන හිටියත් ජන්ග්කුක් කරන දේමයි කරන්නේ කියලා පිලිගන්නකොට ජන්ග්කුක්ගේ ෆෑන් බේස් එක නම් ඒකෙන් වැඩි උනා..හැබැයි ඉතින් නීතියට පිටින් යන්න බැරි නිසා ජන්ග්කුක්ට වගේම ජිමින්ටත් මාසෙක දඩුවම් කාලයක් ලැබුනත් ඒක ඒ දෙන්නාට නම් දඩුවමක් උනේ නෑ..
දඩුවම් කාලේ ලැබුන ගමන් රදීශාගේයි එයාගේ පෙම්වතා උන ටේහ්යුන්ගේ හොදම යාලුවාඋන බෝගම්ගෙයි එන්ගේජ්මන්ට් එක ඉවර උන ගමන්ම ජන්ග්කුක් ,ජිමින් දෙන්නා ටේහ්යුන් එක්ක රටින් පනිනකොට මුලු මාසෙම ටේහ්යුන්ගේ අහින්සක පඩියෙන් කකා බිබී එහෙ මෙහෙ ඇවිද ඇවිද දෙන්නාම ආතල් එකේ කාලේ කාලා දැම්මා..අතරින් පතර ටේහ්යුන්ට හොරෙන් සෝප් ඩබලගේ ලව් එකටත් දෙන්නා උදව් කරනකොට වයසින් කොච්චර ලොකු උනත් පුංචි කාලේ වගේම ජිකුක් ඩබල දගයෝ දෙන්නෙක් වෙනකොට ටේහ්යුන්ට නම් එයාගේ නිස්කලංක ජිවිතේ ගැන සසර කල කිරිලයි තිබ්බේ...
දෙන්නා වෙන වෙනම ඉන්නකොට පාඩුවේ හිටියත් එකට ඉන්නකොට කරන්නෙම විනාස නිසා නිදහසේ ගෙවපු ටේහ්යුන්ගේ ජිවිතේ මාසයක් ඇතුලත කනපිට ගැහිලයි තිබ්බේ...ඒ මාසේ ඇතුලත තිබ්බ එකම හොදේ ටේහ්යුන්ට උයන්න උනේ නැති එක විතරයි...ටේහ්යුන් හොස්පිටල් යනකොට ජන්ග්කුක් කරේ ජිමින්වත් බලෙන් ඇදන් ගිහින් උයපු එකයි...අතරින් පතර චූටිටත් ජන්ග්කුක් පොඩ්ඩ පොඩ්ඩ උයන්න පුරුදු කරේ කෙල්ලෙක් උනාම උයන්න දැනගන්න ඕන නිසායි..පුංචි කාලේ ඉදන් හැමදේම අකුරක් නෑර කියලා දෙන්න එයාලට අම්මා නැති නිසා ගොඩක් වෙලාවට අම්මගෙන් වෙන්න ඕන දේවල් කරේම ජන්ග්කුක්..
කොටින්ම කිව්වොත් චූටි බිග් ගර්ල් කෙනෙක් උන දවසේ පවා එයාගේ පලවෙනි බ්ලීඩ් වීම මුලින්ම කිව්වෙත් ජන්ග්කුක්ට...ඒ වෙනකොටත් ටේහ්යුන් ලංකාවේ හිටියේ නැති නිසා ජෙනි වැඩිපුරම ජන්ග්කුක්ට ලන් වෙලා හිටපු නිසා එයාගේ හැමදේම උනේ ජන්ග්කුක්...ඒ වෙනකොට ජන්ග්කුක් උනත් දේවල් තේරුම් ගන්න පුලුවන් උන වයසක හිටපු නිසා ජෙනී එයාගේ බ්ලීඩ් උන එක කිව්ව ගමන් එයාගේ අම්මාව ගෙන්න ගෙන ඔක්කොම කරේ ජන්ග්කුක් තමයි...අම්මාලාගේ නිතී අනුව පිරිමි දකින්න හොද නෑ කිව්වාට ඉතින් ජෙනී බිග් ගර්ල් කෙනෙක් උන ගමන්ම දැක්කේ පිරිමි ගොඩක් තමයි ඉතින්...ඒත් ඉතින් ජෙනී තාමත් ලස්සනට ජීවත් වෙනවා වගේම අදටත් එයාගේ හැම රහසක්ම ජෙනි මුලින්ම කියන්නේ ඉතින් ජන්ග්කුක්ටම තමයි..
YOU ARE READING
You Are MY ENEMY || TK || Completed
Fanfictionකෙනෙක්ට ලන් වෙනකොට, එයා එක්ක ඉන්න වගේම එයා නැති උනාම ඉන්නත් පුළුවන් වෙන විදියට හුරු වෙන්න.. මොකද , " ඔයාට මට ආදරේ කරන්න පුළුවන් ද ?? " කියලා ඇහුවට.... " මන් නැතුව ඔයාට ඉන්න පුළුවන් ද ?? " කියලා කවදාවත් අහන්නේ නෑ...!! # Enemy to lover # Taekok 🔁