Chapter 24

448 91 7
                                    

ටේහ්‍යුන්ගේ අසනීපේ නිසාම නඩුව මාසෙ තුනකට කල් ගියා වගේම ජේහ්‍යුන්ට විදේශ ගමන් තහනමක් එක්ක ඇප හම්බුනා..එදා ටේහ්‍යුන්ට හුස්ම ගන්න අමාරු උනාට පස්සේ තාම ප්‍රශ්නයක් ආවේ නෑ වගේම කවුරුත් සෝජුන් ගැන ටේහ්‍යුන් එක්ක කතා කරේ නෑ...සතියක් විතර ටේහ්‍යුන්ව හොස්පිටල් එකේ තියාගෙන එයාගේ ටිකට් කැපුවේ ටේහ්‍යුන්ගේ මානසික මට්ටම ගැන ලොකු දේශනයක් ඩොක්ටර් ගෙදර අයටත් දිලමයි..

ටේහ්‍යුන් ගෙදර ආවත් හරි වෙනදා තරම් ලොකුවට කතා නොකරත් ටේහ්‍යුන්ගේ තාත්තා උයනකොට ඒකට උදව් වෙන්න ගේ අස් කරන්න උදව් වෙන්න වගේ පොඩි පොඩි වැඩ කරා...ජන්ග්කුක්ගේ A/L වලට ක්ලාස් පටන් අරන් තිබ්බ ක්‍රිකට් ප්‍රැක්ටිසුයි ක්ලාසුයි නිසා එයාට හැමවෙලේම ටේහ්‍යුන්ගේ ගෙදර එන්න බැරි උනත් එයාට පුලුවන් හැමවෙලේම ටේහ්‍යුන්ව බලන්න එන්න අමතක කරේ නෑ..

"ලොකූ....ලොකුවෝ....."

අදත් සුපුරුදු විදියටම ටේහ්‍යුන්ව බලන්න ජන්ග්කුක් ගෙදරට කඩන් පැන්නත් ගෙදර ජන්ග්කුක්ගේ පරම හතුරා ඉන්නවා දැකලා ජන්ග්කුක් මූන දෙකක් වෙනවා ජන්ග්කුක්ගේ කෑ ගැහිල්ලට එයා දිහා බලන් හිටපු ටේහ්‍යුන් දැක්කා...කරත්ත රෝදෙට අහු උන අඹ ලෙල්ල වගේ තියෙන ජන්ග්කුක්ගේ මූන ටේහ්‍යුන්ගේ මූනේ පුංචි හිනාවක් ඇති කරන්න සමත් උනත් ඒ ලස්සන මොහොත නම් දකින්න ජන්ග්කුක් වාසනාවන්ත උනේ නෑ...මොකද ඉතින් එයාගේ ඇස් තිබ්බේ ටේහ්‍යුන්ගේ උරහිසේ බැන්ඩේජ් එක ගලවලා ඩොක්ටර් දුන්න බෙහෙත් එක ගාන රදීශා ලග..

" කෝ දෙන්න මන් ගාන්නම්..."

බැට් එකයි එයාගෙ බෑග් එකයි පැත්තකින් තියන ගමන් රදීශටයි ටේහ්‍යුන්ටයි දෙන්නටම රවාගෙන ලගට ආවත් රදීශා නම් බෙහෙත් එක ජන්ග්කුක්ට දෙන්න ලෑස්ති උනේ නෑ..

" ඔයා දැන් නෙහ් කූ ආවේ...ඒ නිසා මන් ගාන්නම්..."

" මේ මගේ නම කූ නෙමෙයි ජන්ග්කුක් !! "

" ඉතින් ටේහ්‍යුනුත් කියන්නේ ?? "

" ඒ ලොකූනේ...ඔයා ලොකූ නෙමෙයිනේ..ඒ නිසා මට ජන්ග්කුක් කියලා කතා කරන්න..ලොකූට විතරයි මට ඒ නම කියලා කතා කරන්න පුලුවන් !!"

You Are MY ENEMY || TK || CompletedWhere stories live. Discover now