Chapter 27

485 89 5
                                    

ටේහ්‍යුන් හිතුවා වගේම ජන්ග්කුක්ට රෑ උන ගත්තා..ලොකුවට නැතත් ජන්ග්කුක්ගේ ඇග රස්නේ ගතිය තිබ්බ නිසා ටේහ්‍යුන් බොහොම අමාරුවෙන් ජන්ග්කුක්ව නැගිට්ටවලා බෙහෙත් දීලා නිදි කෙරෙව්වා...උනට දැනුන සීතල නිසාම ජන්ග්කුක් ටේහ්‍යුන්ට තුරුල් වෙනකොට ටේහ්‍යුන් උනත් මුකුත් කිව්වෙ නෑ...ටේහ්‍යුන් ජන්ග්කුක්ගේ බෙල්ල යටින් එක අතක් යවලා නින්දෙන් ගුලිවෙන ජන්ග්කුක්ව තමන්ගේ පපුවට තුරුලු කරගත්තා...ජන්ග්කුක් ටේහ්‍යුන්ගේ උනුසුම දැනුනාම ටේහ්‍යුන්ගේ පපුවේ මූන අතුල්ලලා තව ටිකක් ටේහ්‍යුන්ට තුරුල් උනාම ටේහ්‍යුන්ගේ මූනට පුංචි හිනාවකුත් ආවා..ටේහ්‍යුන්ට දුකත් හිතුනා ජන්ග්කුක්ට මෙච්චර අමාරු උනේ තමන් එක්ක මේ ගමන ආපු නිසා හින්දා...ඒ නිසාම ටේහ්‍යුන්ගේ හිතේ ජන්ග්කුක් ගැන දැනෙන හැම හැගීමක්ටම ටේහ්‍යුන් "අනුකම්පාව" කියන වචනේ දාගත්තා..

.

.

.

" ඕක හරියට හිල ඇතුලටම දාපන් මිනිහෝ..."

" උබ දගලන්නේ නැතුව හිටහන්කෝ හොබ්බෝ...මන් කරන්නම්..."

" ඔය ඔය එලියෙනේ ඔක්කොම...ඒකවත් හරියට කරගන්න බැහැනේ...කට විතරයි තමුසෙගේ..කිව්වේ නම් කොහොමද මේවා අද ඊයේ කරන වැඩ නෙමෙයි යැයි යැයි..."

උදේ පාන්දර හොබීගෙයි බෝගම්ගෙයි කටහඩ ඇහුන තද නින්දේ හිටිය ජන්ග්කුක් ගැස්සිලා ඇහැරුනත් එයාට ඇස් අරින්න උවමනාවක් නම් තිබ්බේ නෑ..ඒ නිසාම හොබි මේ කාටද කැ ගහන්නේ කියලා අහගෙනම කම්මැලිකමට ජන්ග්කුක් ඇස් වහන් එයාට උනුහුම දැනුන තැනට තව ටිකක් ගුලි උනා..

" මට මහන්සි බන්...කොන්දත් රිදෙනවා.."

" ඊව්...ඒ පොඩ්ඩට මහන්සිද ?? උබේ කට විතරයි...මන් කිව්වා උබට ඔය ඉන්න විදියට වැරදි ඈන්ගල් පාවිච්චි කරලා කොන්දේ කැකුම එයි කියලා...අනික බලපන් භාගයක්ම හිලෙන් එලියෙනේ..උබට ගානට ඕක හිලටවත් දාගන්න බැහැනේ..."

" අනෙහ් මෙහ් !!  උබ කියයි මේ හිච්චන් හිල අස්සට දාන්නත් බෑ රෙද්ද !! මේක පොඩ්ඩක් ලොකු උනා නම් ඉවරයිනේ...අනික මේ රෙද්ද හිරයිත් එක්ක...!! ඔක්කොම මන් කරනකම් උබ ආතල් එකේ බලන් ඉන්නවා  "

You Are MY ENEMY || TK || CompletedWhere stories live. Discover now