Chapter 38

486 92 11
                                    

වෙනදට වඩා ජිමින්ට අද උදෙන්ම ජිමින්ට ඇහැරුනේ ටේහ්‍යුන් ඊයේ බීලා පිස්සු නටපු නිසා ටේහ්‍යුන් ගැන තිබ්බ බය නිසාමයි..මොකද හොබි යනකොට ටේහ්‍යුන්ගේ ඇල්කොහොල් ඇලජි එක ගැන, ඊට පස්සේ ටේහ්‍යුන් හැසිරෙන විදිය ගැන සම්පූර්ණ විස්තරයක් ජිමින්ට දීලායි ගියේ..ඒ නිසාම ටේහ්‍යුන්ව ඇදෙන් නිදිකරවලා ජිමින් ටේහ්‍යුන් ලග ඉන්න හැදුවත් ටේහ්‍යුන් බලෙන්ම ජිමින්ව එයාගේ රූම් එකට යැව්වේ කලින් දවසෙත් බිම නිදාගෙන ජිමින්ට සැප නින්දක් නොලැබුන නිසායි..ඇදට ගියත් ජිමින්ට ටේහ්‍යුන් ගැන තිබ්බ බය නිසාම නින්ද ගියේ නෑ...

සැරින් සැරෙ ටේහ්‍යුන්ගේ කාමරේ හිමින් දොර ඇරලා ටේහ්‍යුන් හොදින්ද බලලා ජිමින් කාමරේට ගියා මිසක් යූන්ගිටවත් ජෙනීටවත් ජිමින් මේ කිසි දෙයක් කිව්වේ නෑ...කොහොමත්ම ඒ දෙන්නාගේ පුංචි ඔලුවලට බරක් දෙන්න ටේහ්‍යුන්වත් ජිමින්වත් කැමති නෑ..පුංචි කාලේ ඉදන්ම අම්මා නැතුව හැදුන පොඩි උන් දෙන්නාට තව තවත් ප්‍රශ්න දෙන්න ඒ පවුලේ කිසිම කෙනෙක් කැමති උනේ නෑ...

" ලොකූ...."

ටේහ්‍යුන් හොස්පිටල් එකට යන්න නැගිටින වෙලාව පහුවෙලත් ටේහ්‍යුන් නැගිටලා නැති නිසා ජිමින් හිමීට ටේහ්‍යුන්ට කතා කරන ගමන්ම ටේහ්‍යුන් ලගට ලන් උනා..

" ලොකූ...."

ජිමින් ආයි කතා කරත් ටේහ්‍යුන් මුකුත්ම උත්තරයක් නොදී රෙද්දේ අස්සේ ගුලි උනාම ජිමින් දැක්කා යාන්තම් පේන ටේබල් ලෑම්ප් එකෙන් ටේහ්‍යුන්ගේ මූන සුදුමැලි වෙලා තියෙනවා...ඒ නිසාම ජිමින් ඉක්මනට ටේහ්‍යුන්ගේ නලලට අත තියලා බැලුවා..

" දෙයියනේ ලොකූ...ඔයාට ගිනි මැලේට රස්නෙයිනේ..."

ජිමින් ටේහ්‍යුන්ගේ ඔලුව අතගාන ගමන් කියනකොට ටේහ්‍යුන් යාන්තම් කෙදිරිගෑව හැරෙන්න කතා කරන්න පනක් එයාට තිබ්බේ නෑ...ඒ නිසාම ටේහ්‍යුන්ව බෙඩ්ශීට් එකෙන් හොදට පෙරෙව්ව ජිමින් ඉක්මනට හොබීට කෝල් එකක් ගත්තා...රින්ග්ස් දෙක තුනක් ගිහින් හොබී කෝල් එක ආන්ස්වර් කරපු ගමන් ඇහුවේ ටේහ්‍යුන්ට අමාරුද කියලා වෙනකොට හොබීගේ බයෙන් පිරුනු කටහඩෙන් ජිමින්ට තේරුනා ටේහ්‍යුන්ගේ තත්ත්වේ ගැන හොබී හොදටම අත්දැකීම් තියෙනවා කියලා..

You Are MY ENEMY || TK || CompletedWhere stories live. Discover now