Chapter 25

493 95 19
                                    

ටේහ්‍යුන්ගේ උරහිසට බෙහෙත් දාලා ටේහ්‍යුන්ගේ බෙහෙතුත් ආයි අලුත් කරලා ජන්ග්කුක්ගේ තාත්තා ජන්ග්කුක් එක්ක ගියේ රෑ කෑමත් කාලමයි...ගෙදර යනකොට හයියෙන් වහින්න ගත්ත නිසා ජන්ග්කුක් වැස්ස දිහා බලාගෙන ටේහ්‍යුන් ගැන හිත හිත හිනා වෙවී කල්පනාවක ඉන්නකොට ජන්ග්කුක්ගේ තාත්තා ඩ්‍රයිව් කරන ගමන් දැක්කා ජන්ග්කුක්ගේ මනමාල හිනාව..

" අප්පෙහ් මේකගේ තියෙන මනමාල හිනාව !! ඔච්චර කල්පනා කරන කෙල්ල කවුද කුකී ?? "

තාත්තාගේ කටහඩට හරි සිහියට ආපු ජන්ග්කුක් ඒ කිව්ව කතාවට ගිලින්න හදපු කෙල ටික හිර කරගත්තාත් එක්ක...

" තාත්‍තා !! මොනාද අනේ කියන්නේ ?? "

" ඇයි දැන් මන් කිව්වේ ඇත්තනේ !! බලන්න මූනේ පැණි බේරෙනවා..අපිත් ඔය වයස පහු කලා කොල්ලෝ...කොහොමද මගේ ලේලි ලස්සනයිද ?? "

තාත්තා තව තව හාර අවුස්සනකොට ජන්ග්කුක්ගේ මූන ලැජ්ජාවෙන් රතු උනත් එයා කල්පනා කරේ කෙල්ලෙක් ගැන නෙමෙයි කොල්ලෙක් ගැන කියලා මතක් උනාම එයාගේ හිතට දැනුනේ ලොකු නොසන්සුන්කමක්..

" මට කෙල්ලෙක් නෑ අප්පා !! "

" අනෙහ් බොරු නොකිය හිටහන්...මන් දන්නේ නැද්ද උබේ හැටි !! හිච්චන් කාලේ ඉදන්මයි උබ කෙල්ලන්ට පැණි හැලුවේ..මතකනේ කෙල්ලෙක්ට කිස් එකක් දීලා අන්තිමට ඒ කෙල්ලව දාලා යන්න බෑ කියලා ඇඩුවා  "

තාත්තා හිනාවෙවී කියනකොට ජන්ග්කුක් තාත්තාට රැව්වා...මොන්ඩිසෝරි කාලේ නොතේරුම්කමට කෙල්ලන්ට කිස් දීපුව අල්ලන් මෙහෙම කතා කරන එක මොනවා උනත් වැරදිනේ...

" අනෙහ් යන්න අප්ප..ඒ ඉස්සර...ඒ කාලේ නොදැනුවත්ව එහෙම යම්කිසි සිදුවීම් උන තමයි...ඒ උනාට දැන් මන් එහෙම නෑ..හොමතගතයු තාත්තා !! "

" මොකක් ?? මොන ගතයු ද ?? "

ජන්ග්කුක් කියපු අන්තිම වචනේ තේරුම් ගන්න බැරි උන තාත්තා ඩ්‍රයිව් කරන ගමන් ජන්ග්කුක් දිහා බැලුවම ජන්ග්කුක් හයියෙන් හිනා උනා..

" අයියෝ ගතයූ නෙමෙයි..හොමතගතයු !!"

" ඒ මොකක්ද බන් ?? ජපන් වචනයක්ද ??"

You Are MY ENEMY || TK || CompletedWhere stories live. Discover now